නෝර්වුඩ් ඇඟලුම්හලට ආව භූතයාගේ ඇත්ත මෙන්න

නෝර්වුඩ් ඇඟලුම්හලට ආව භූතයාගේ ඇත්ත මෙන්න

හැටන් නොර්වුඞ් ප‍්‍රදේශයේ පෞද්ගලික ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09) උදැසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් එම ඇඟලූම් ක

රුසියානු නායකායට අපූරු උපන්දින තෑග්ගක්
ලෝකයේ කඩවසම්ම නළුවා ඉන්දියාවෙන්
මුල්‍ය වංචාවෙන් ශලිලට ලැබුන මුදලින් කොටසක් ආණ්ඩුවේ පිරිසකට ?

හැටන් නොර්වුඞ් ප‍්‍රදේශයේ පෞද්ගලික ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09) උදැසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් එම ඇඟලූම් කර්මාන්ත ශාලාව තුළ ඊයේ (09) සිටි සෙසු ඇඟළුම් සේවිකාවන්් භීතියට පත්වී සිටියහ.

එම ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් කර්මාන්ත ශාලාව තුළ හැසිරී කෑගැසීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ අතර, තවත් සේවිකාවක් කළු ඇඳුමක් ඇඳගත් අයකු තමන්ගේ බෙල්ල ප‍්‍රදේශයෙන් ඇල්ලූ බව කියමින් කෑ ගැසීමත් සමගම එම ඇඟලූම් කර්මාන්ත ශාලාවේ පාලකයින් මේ සම්බන්ධව නොර්වුඞ් පොලිසියට දැනුම් දී තිබුණි.

පසුව වහා කි‍්‍රයාත්මක වූ නොර්වුඞ් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බලා ඒ පිළිබ`දව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ. පසුව දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් එම ඇඟලූම් කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇඟලූම් සේවිකාවන් පරීක්‍ෂා කර බැලීමේදී ආවේශ වී උමතුවෙන් සිටි සේවිකාවන් කිහිප දෙනකු පරීක්‍ෂා කර බැලීමේදී ඔහුන්ගේ ශරීරය තුළ කිසිදු රෝගි තත්ත්වයක් නොතිබු නිසා එ් අතරින් කිහිප දෙනකු දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු ස`දහා පැමිණෙන මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට පාලන අධිකාරියට දැනුම් දී ඇත.

එම ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පවසන්නේ තම කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු දේව පූජාවන් කිහිපයක් පැවැත්වීම පාලන අධිකාරිය මගින් අතපසු කළ නිසා මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. ඉකුත් (04) එම ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙසිය හතළිස්පස් දෙනකු පමණ හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් කරන ලද මුලික පරික්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ඇ`ගලූම් කර්මාන්ත ශාලාව තුළ නිසි පරිදි ප‍්‍රමාණවත් වාතාශ‍්‍රය නොතිබීම නිසා සේවිකාවන් හදිසියේ රෝගාතුර වී ඇති බවයි.

පසුව එම ඇඟලූම් කර්මාන්ත ශාලාව තුළ ප‍්‍රමාණවත් වාතාශ‍්‍රය ලැබෙන පරිදි කටයුතු කරන ලෙසට පාලන අධිකාරියට කළ උපදෙස් මත පාලන අධිකාරිය මගින් ඇඟලූම් කර්මාන්ත ශාලාව තුළට වාතාශ‍්‍රය අවශ්‍ය පරිදි ලැබෙන අයුරින් කටයුතු කර තිබූ බව නොර්වුඞ් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් අබේසිරි මහතා කීය.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close