නෙළුම් කුලුනේ නෙළුම් පෙති කොළ පාට වේ

නෙළුම් කුලුනේ නෙළුම් පෙති කොළ පාට වේ

ශ්‍රී ලංකාවේ උසම කුලුන මෙන්ම දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ ඉහළ පිහිටි නෙළුම් පෙතිවල වර්ණ සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවාදාත්මක තත්ත්වයක් මත

ෆේස්බුක් බැලීමත් කුඩු ගැසීමත් දෙකම එකයි – ෆේස්බුක් හිටපු උප සභාපති චමත් පලිහපිටිය
දුෂ්‍යන්ත් පියුමිව ඔමරිලතා කරගත්තේ ඇයි?
තවම ආදර ආරාධනා ලැබිලා නැහැ… දැන්ම ආදරය පිළිබඳව සිතන්නෙත් නැහැ. – මිෂෙල් දිල්හාරා

ශ්‍රී ලංකාවේ උසම කුලුන මෙන්ම දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ ඉහළ පිහිටි නෙළුම් පෙතිවල වර්ණ සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය රතු පාට වන අතර රාත්‍රි කාලයේදී මෙම නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බවට තොරතුරු වාර්තා වේ.

මේ ගැන අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙම නෙළුම් කුලුනෙහි පිහිටි නෙළුම් මල බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක නිරත වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම නිසා නෙළුම් කුලුන හැදුවේ කවුද? නෙලුම් මලෙහි වර්ණය කුමක්ද මේ රටේ පොදු මහජනතාව හොඳින් දන්නා බවත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදගන්නා සියලු දෙනා මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන බවද ගම්මන්පිල මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මේ ගැන විමසූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ මෙය කෘත්‍රිම නෙළුම් මලක් වන නිසා කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නොමැති බවයි.

රාත්‍රි කාලයට අෑතටම පෙනෙන වර්ණය කොළ පාට නිසා නෙළුම් මලෙහි පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද එය ගැටලුවක් නොවන බව මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩුව මෙම නෙළුම් කලුන විශාල මුදලක් වැයකර බාගෙට නිර්මාණය කර තිබියදී ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට වත්මන් ආණ්ඩුවට සිදුවූ බවත් එය කිසිදු ආකාරයකින් අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමක් නොවන බවත් මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close