නුවර පාරේ ජල නලයක් පුපුරා ගියේ ජල සම්පාදන මණ්ඩලයේ අත්වැරදීමකින්ද? (VIDEO)

නුවර පාරේ ජල නලයක් පුපුරා ගියේ ජල සම්පාදන මණ්ඩලයේ අත්වැරදීමකින්ද? (VIDEO)

කඩවත මංසන්ධියේ අද (20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. මේ හේතුවෙන් මාර්ගයේ ස්ථාන දෙකක හානි ස

පුංචි තැනක ඉඳන් පටත් මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් – රවීන්
මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි
චතුර අල්විස් එපා කියයි… ප‍්‍රබලයා දිල්කා සමග 360 පටිගත කරයි.

කඩවත මංසන්ධියේ අද (20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය.

මේ හේතුවෙන් මාර්ගයේ ස්ථාන දෙකක හානි සිදුවී ඇති අතර එක් ස්ථානයක අඩි පහක පමණ වළක් සෑදී ඇති බවත් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මාර්ගය පිළිසකර කරමින් පවතින බවත් වාර්තා වේ.

අද අලුයම අධික පීඩනයෙන් ජලය බෙදා හැරීම හේතුවෙන් මෙම නලය පුපුරා ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා පවසයි.

ඇතිව තිබෙන දැඩි මාර්ග තදබදය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය මේවනවිට කටයුතු කරමින් පවතී.

කඩවත අවට නුවර කොළඹ පාර, කඩවත කිරිබත්ගොඩ, පුෂ්පාරාම පාර, ගනේමුල්ල පාර, රාගම පාර, කඩවත නගරය හා ගෝනහේන පාර යන ප්‍රදේශවලට අද (20) පෙ.ව. 9.30 සිට පස්වරු 9.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close