නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින්න

නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින්න

දිවයිනට කිලෝ මීටර් 1300ක් පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර

කොට කලිසමක් ඇඳ ගත්තු කොල්ලෙක් තාජුඩීන් මරන හැටි සී. සී. ටී. වී කැමරාවල
රූපලාවන්‍ය ශිල්පිනිය පාතාලයෙන් මරා දමලා
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොඩිවින කරලා!

දිවයිනට කිලෝ මීටර් 1300ක් පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බැවින් හෙට (05) සිට ඉදිරි දින කිහිපය තුළදී ශී‍්‍ර ලංකාව හරහා සහ අවට මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශවල මෙම තත්ත්වය සිදුවීමට ඉඩ ඇත.

උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවල සවස 2.00න් පසුව වැසි ඇති විය හැක.

නැගෙනහිර, උතුරු, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වඩා වැඩි තද වැසි අපේක්ෂා කරයි.

බස්නාහිර, සබරගමුව හා ඌව පළාත්වල සහ අම්පාර හා මඩකළපුව දිස්ති‍්‍රක්කවල පැයට කිලෝ මීටර් 50ක පමණ වේගයෙන් හමන සුළං ඇති වීමට ඉඩ ඇත.

මේ නිසා විශේෂයෙන්ම ධීවරයන් හා නාවික කටයුතුවල නිරත පුද්ගලයන් නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ධීවරයින්ට උපදෙස් ලබා දී තිබේ.

පෙර පුවත්..
මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු.
මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද
2017 දෙසැම්බර් 31ට පෙර ලංකාවට බිහිසුණු සුනාමියක්

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close