‘දෙවෙනි ඉනිම’ මඟ නවති කතාව අතේ පත්තුවේ

‘දෙවෙනි ඉනිම’ මඟ නවති කතාව අතේ පත්තුවේ

අද උදේ සාරංග මෙන්ඩිස් සහ දෙවෙනි ඉනිම පිටපත් රචකයාවන සමන් එදිරිමුණි කතා කරගෙන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ‘දෙවෙනි ඉනිමේ’ අධ්‍යක්ෂවරය

විවාහය කියන්නේ මම මගහැරපු දෙයක් – නිරෝෂා
මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා
ලංකාව ලොකු වෙලා, ඛාදනය හේතුවෙන් හලාවත දක්වා වෙරළ අඩු වෙලා

අද උදේ සාරංග මෙන්ඩිස් සහ දෙවෙනි ඉනිම පිටපත් රචකයාවන සමන් එදිරිමුණි කතා කරගෙන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ‘දෙවෙනි ඉනිමේ’ අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා අතර ගැටලුවක් – සමන් එදිරිමුණි ‘දෙවෙනි ඉනිම’ ලිවීම නතර කිරීමේ තීරනයක යනුවෙන් වෙබ් සයිට් පුලුල් ප‍්‍රචාරයක් ගෙන ගියා.

වෙබ් අඩවි වල මෙම ප‍්‍රචාරයන්ට සමන් එදිරිමුණි විසින් අවවාධාත්මක ලිපියක් තම පළකර තිබේනවා.

හිතුවක්කාර ගොසිප් සයිට් කරන ආදරණීය මල්ලිලාට, නංගිලාට…,
ටොක්කක් ඇන්නෙ. කේන්තියි නම් මට පිහිියෙන් ඇනපන්…,

දෙවෙනි ඉනිම සහ කූඹියෝ කියලා මා ඊයේ අදහසක් ෆේස්බුක් පිටුවේ පළකලා. එය පල කරන්න හේතු ගණනාවක් තිබුණා. ඒ තමයි කූඹියෝ් සහ දෙවෙනි ඉනිම ලෙස දෙකට බෙදිලා අන්තර්ජාලයේ දෙපිරිසක් අදහස් අතින් මරාගන්න පටන් අරන් තිබුණා. එ් ගැටීමට දෙවෙනි ඉනිමේ හෝ කූඹියෝ හි නිර්මාණකරුවන් දායක වෙලා තිබුණෙ නෑ කිිසි වෙලාවක. නමුත් කූඹියෝ වෙනුවෙන් පෙනී සිටින ඇතැම් රසිකයින් ( අපිත් කූඹියෝ රසිකයින් බව අමතක කරන්න එපා ) මටත් සාරංග මෙන්ඩිස්ටත් තැන තැන පරුෂ වචනයෙන් පවා බැන වැදිලා තිබුණා. සමහරු අපේ වෝල් වලට ඇවිල්ලා කුණුහරුප ලියලා ගියා. ඉතින් ඒවා දැකපු කූහුඹියෝ අධ්‍යක්ෂතුමා මගෙනුත් සාරංගගෙනුත් සමාව ඉල්ලලා තිබුණා හිත් රිදීමක් වුණා නම් කියලා. නමුත් ඔහු සමාව ඉල්ලිය යුතු නෑ. ඔහු අපේ සහෝදරයෙක් වගේ. කූඹියෝ නිෂ්පාදකතුමා මට පුද්ගලිකව පණිවිඩයක් එවා තිබුණා මේවා ඔවුන්ගේ අනුදැනුමකින් සිදු වන දේවල් නොවන බවත්, ඒ පිළිබදව කණගාටු වන බවත්. ඉතින් මට උවමනා වුණේ මේ ටෙලිනාට්‍ය හැම වර්ගයක්ම තියෙන්න ඕන. හැම එකක්ම බලන්න කියලා කියන්න වගේම, කුහුඹු මිතුරන්ට සුබ පතන්න. නමුත් මාගේ අදහසේ බත් සහ මැල්ලුම් කියන උපමා දෙක ප්‍රාතමික විශ්ලේෂනයකට ගොස්, මා කුහුඹියෝ ටෙලි නාට්‍ය පහත් කොට සැලකුවා කියලා මට ඇතැමි ගොස්පි සයිට් වාර්ථා කලා. බොහොම පුංචි දේවල් මහා විශාල දේවල් කරලා අවුස්සලා අරගෙන, කලාකරුවන් අතරේ විරසක ඇති කරමින් තව තවත් ගොස්ප් නිර්මාණය කරවා ගැනීම අද ලංකාවේ ගොස්පි කලාව බවට පත් වෙලා තියෙනවා.

ඉරාජ් සහ මා අතර , කුහුඹියෝ සහ අප අතර එවන් විරසකයක් ඇති කරන්න උත්සහ කරපු අවස්තා තිබුණා. එහෙම වෙන්න එපා දරුවනේ. යමෙක් යමක් ගැන අදහස් ප්‍රකාශ කලාම එය ඒ විදිහටම පළ කරන්න. එක තමයි මාධ්‍ය සදාචාරය. ඒවට ආකර්ශණිය විදිහට හෙඩිම් ගහන්න ගිහින් හත්පොලේ ගාගන්න එපා. මාධ්‍ය කියන එක ඉගෙන ගන්න. මිනිස්සු ආදරේ කරන ගොසිස් සයිට් එකක් වෙන්න. කලා කරුවන්ට ආදරේ නොකර කොහොමද ගොසිප් සයිට් පවත්වාගෙන යන්නෙ. කලා කරුවෝ කලා කරුවෝ අදහස් ප්‍රකාශ කරගන්නෙ යුද්ධ කරන්න නෙමෙයි.

සරලම උදාහරණය තමයි මේ තියෙන්නෙ. මම අද උදේ සාරංග මෙන්ඩිස්ට කතා කරලා කිිව්වා, මචං මං උඹ එක්ක කේන්තියෙන් වගේ පෝස්ට් එකක් දානවා. හවස් වෙද්දි ඒක කතාවක් වේවි කියලා. මං එවෙලාවෙම හෙඩිමත් කිව්වා. දෙවෙනි ඉනිම රචකයා ඉවත් වෙයි. කියලා වදියි කියලා. මං ඉවත් වන බවක් කිව්වෙත් නෑ. කිව්වෙ ඉවත් වෙන එක මහ කජ්ජක් නෙමෙයි කියලා. ඔබට පුළුවන් මේ වෝල් එකේම යටට ගිහින් ඒක බලන්න. අපිත් පුතේ මේ මාධ්‍ය ජීවිතේ අවුරුදු 15 ක්. පුතාල සමහර වෙලාවට මාධ්‍ය උපාධි ගහපු ඔස්තාර්ලා වෙන්න ඇති. ඒ වුණාට හොදට මතක තියාගන්න මැණික, තරුණයෝ හිතනවා වැඩිහිටියෝ දන්නවා කියලා කතාවක් තියෙනවා. මේ වැඩේ කලේ උඹලා එක්ක ඇරගෙන උඹලව නැති කරන්න නෙමෙයි. සිග්‍රෙයන් දියුණු වන අන්තර්ජාලික මාධ්‍ය වඩාත් සුබවාදී තැනකට ගේන්න පොඩි ඉල්ලීමක් කරන්න. ඒ නිසා මං එක්ක අමනාප වෙන්න එපා. කලාවට ආදරෙන්, කලා කරුවන්ට ආදරෙන් ගොස්පි සයිට් කරන්න.
අපිට දරාගන්න පුළුවන්. හැබැයි මං දැකලා තියෙනවා පුංචි ස්කෝලෙ කෙල්ලෝ, කොල්ලෝ අල්ලලා ගොසිප් වැදිලා තියෙනවා. සාමාන්‍ය අහිංසක මිනිස්සු අල්ලලා උන්ගේ ජීවිත නැති වෙන්න ගොසිප් ගහලා තියෙනවා. ගොසිප් නිසා පවුල් කඩා ඉහිරිලා, මිනිස්සු සියදිවි නහගෙන තියෙනවා. ගොසිප් නිසා කඳුළු වැටුණු ඇස්වල ප්‍රමාණය ඔන්ලයින් වීව්ස් ප්‍රමාණයෙන් අප්ඩේට් වෙන්නෙ නෑ පැටව්නේ. ඒක හරි දරාගන්න අමාරු සත්‍යයක්. අපි එහෙව් ජීවිත දැකලා තියෙනවා. කෝකත් කරන්නෙ සල්ලි හොයන්න තමයි. හැබැයි දවසක් එනවා පුතේ සල්ලි ඇරුණම තමන් ළග මොනවද තියෙන්නෙ කියලා හිතන්න වෙන. ආන් එදාට උඹලා සියදිවි නසා ගන්න එක නවත්වන්නයි මට ඕන.
පුංචි ටොක්කක් ඇන්නෙ. කේන්තියි නම් ඇවිල්ලා මට පිහියෙන් ඇණපන්. හැබැයි මේ උඹලගෙ කණෙන් ඇල්ලුවේ උඹලව මරන්න නෙමෙයි. මාධ්‍ය ඇතුලේ හදාගන්න. පීචන් නොවී ලස්සනට හැදියන්.

– සමන් එදිරිමුණි.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close