දරුවෙක් ඉන්න ගැහැනියක් පස්සෙන් පිරිමි එන්නේ ආදරේට ‍නෙවෙයි

දරුවෙක් ඉන්න ගැහැනියක් පස්සෙන් පිරිමි එන්නේ ආදරේට ‍නෙවෙයි

නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ගමන අරඹන ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිස පැලඳීමට තරම් භාග්‍ය සම්පන්න වෙනවා එතැන් සිට නිරූපිකාවක, රංගන ශිල්පිනියක ලෙස වෘත්තීය

තාත්තා ඒ දවස්වල මට බණිනේ උඹ කලාව කරලා හිඟන්නෙක් වෙන්නද හදන්නේ කියල – සරත් කොතලාවල
නයනා කුමාරි කාටවත් නොකී රහස් හෙළිකරයි
ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ගමන අරඹන ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිස පැලඳීමට තරම් භාග්‍ය සම්පන්න වෙනවා එතැන් සිට නිරූපිකාවක, රංගන ශිල්පිනියක ලෙස වෘත්තීය මග විවර කරගන්නා ඇය ඔබට මට වඩාත් සමීප වන්නේ නිවේදිකාවක ලෙසින්. මේ කිනම් ක්ෂේත්‍රයක නියෝජනයන් දැරුවත් උතුම් වූ මව් පදවියට සැබෑ වූ වටිනාකමක් දෙන ඇය නමිත් සුමුදු ප්‍රසාදිනි.

කලා ක්ෂේත්‍රය සම්බන්ධ අලුත් විස්තර මොනවාද?
කලාවට කියලා සෑහෙන ලොකු ඉඩක් තාම මං මගේ ජීවිතෙන් වෙන්කරලා නෑ. අපේ පුතාටත් තාම අවුරුද්දයි. එයාගෙන් මොහොතකට හරි දුරස් වෙන්න ලෝභකමක් තියෙන්නේ. නමුත් ඉදිරියේදී නැවතත් නිවේදිකාවක් ලෙස වැඩකටයුතු පටන් ගන්නවා.

පවු‍ලේ විස්තර කොහොමද?
මගෙයි මහත්තයාගෙයි මුළු ලෝකෙම දැන් අපේ පුතා වෙලා. අපේ ජීවිතවල හැම තත්පරයක්ම ගෙවෙන්නේ එයා එක්ක, පුතා නිසා ජීවිතේ දැන් ගොඩක් ලස්සන වෙලා. සතුටින් සැහැල්ලුවෙන්, නිදහසේ මමයි මහත්තයයි අපේ පුතා එක්ක ජීවිතේ ගෙවනවා.

ඔබ වැඩිපුර සතුටු වෙන්නේ කලාවෙන්ද? පවුල් ජීවිතේ සමග ඉඳීමෙන්ද?
අනිවාර්යයෙන්ම මගේ සතුට රැඳිලා තියෙන්නේ මගේ මහත්තයයි පුතයි ළඟ. කලාවෙන් උපයන්න බැරි ලොකු සතුටක් මං ලබනවා. මගේ පවුල සමග ජීවත්වීමෙන් ඒ සතුට සැනසීම, නිදහස රැඳිලා තියෙන්නේ පවුල තුළ.

මාතෘත්වය ආභරණයක් ද?
ගැහැනියකගේ සම්පූර්ණත්වයක් දකින්න පුළුවන් ඇය මාතෘත්වයට උරුමකම් කීවාම, අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ජීවිතේට ලොකු වටිනාකමක් ලැබිමක්. අම්මා කෙනෙක් වෙන්න හැමෝටම පුළුවන්කමක් නෑ. අම්ම කෙනෙක් වෙනවා කියන්නේ දරුවෙක් හදලා එයා මේ ලෝකෙට බිහිකරන එකම ‍නෙවෙයි. එතන ලොකු වගකීමක් තියෙනවා. මං හිතනවා අම්මා කෙනෙක් විදියට මං මගේ උපරිමය කරනවා කියලා මගේ දරුවා වෙනුවෙන්.

අම්මා කෙනෙක් වෙලත් ඔබ ලස්සනට ඉන්නේ කොහොමද?
ගොඩක් දෙනාගේ සම්මත මතය වෙලා තියෙන්නේ දුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ලස්සන වෙනවා. පුතෙක් ලැබෙද්දී ලස්සන අඩුවෙනවා කියලා. මං නම් මාස 08ක් විතරවගේ වෙනකොට ‍පොඩ්ඩක් කළු වුණා. ඒත් ගොඩක් ලොකු වෙනසක් වුණේ නෑ. මං නිතරම වතුර බොනවා. ලස්සන ගැන හිතලා පුතාට කිරි නොදී නම් හිටියේනෑ. මාස 06ක්ම යනකන් එයා බිවේ මව්කිරි විතරමයි. මගේ රූපෙට වඩා මට වටින්නේ මගේ දරුවා. මං හිතන්නේ එයාගැන.

දරුවෙක් ඉපදුණාම දරුවට මුළු අවධානයම යෙදවිය යුතු නැද්ද?
මොන හේතුව, මොන වැඩේ තිබුණත් මූලික විය යුත්තේ දරුවා. මගේ බබා නම් දැන් වැටි වැටි ඇවිදින කා‍ලේ නිතරම එයා බලන්නේ අහුවෙන අහුවෙන දේ කටේ දාගන්න. කරන්ට් වයර් එහෙම එයාට පේන්න බෑ. ඒවා අල්ලන්න යනවා. මගේ අම්මත් මාත් එක්කමයි ඉන්නේ. නමුත් මං හිතනවා හැමදේම මගේ අතින් වෙන්න ඕනි කියලා. මගේ දරුවා වෙනුවෙන් එයාගේ හැම වැඩක්ම කරන්නෙ මං. මං දකින්නේ මම මවක් විදියට සම්පූර්ණ වෙන්නේ එතැනදී කියලා. දරුවෙක් වෙනුවෙන් මවක් උපරිම අයුරින් කැපවිය යුතුයි මගේ දැක්මට අනුව.

මවක් වීම නිසා විලාසිතා සීමා කරගෙන ද ඉන්නේ?
විලාසිතා කිරීමේදී මගේ අදහස නම් තැනට ගැළපෙන විදියට ඒ අවස්ථාවට අනුව විලාසිතා කිරීම. මං මට ගැළපෙන විලාසිතා තමයි තෝරා බේරාගෙන කළේ. ඒ විලාසිතා සීමා කරගන්න තරම් වයස ප්‍රශ්නයක් වෙලා නෑ මට. නමුත් මං එදා වගේම අදත් තැනට අවස්ථාවට ගැළපෙන විදියට සුදුසු විලාසිතා කරනවා.

විවාහයෙන් පසුවත් ඔබට ප්‍රේම ආරාධනා එහෙම ලැබෙන්න ඇති?
විවාහයෙන් පසුව විතරක් ‍නෙවෙයි, දරුවා ලැබුණටත් පස්සේ ආදරේට ඇරයුම් නම් ඕනි තරම්. කසාද බැඳපු දරුවෙක් ඉන්න ගැහැනියක් දිහා ආදරේකට පස්සෙන් එන පිරිමි දකින්න ලැබෙන්නේ නෑ මේ සමාජෙ. ආදරේ හේතුවක් කරගෙන ඔවුන්ගේ අපේක්ෂා වෙනුවෙන් ලැබෙන ප්‍රේම ආරාධනා බොහෝයි. ඔවුන්ට ඕනි ආදරේමද? කියලා ප්‍රශ්නයක් තමයි ඇතිවෙන්නේ එහෙම අවස්ථාවල.

ඔබ කලා ලෝකයේ ආකර්ෂණීය කෙනෙක් වීම ගැන සැමියාට ඊර්ෂ්‍යාවක් නැද්ද?
ක්ෂේත්‍රය පිළිබඳ හොඳ වැටහීමක්, තේරුම් ගැනීමක්, දැනුමක් තියෙන කෙනෙක් විදියට මිථිල එහෙම මගේ ආකර්ෂණීය බවට ඊර්ෂ්‍යා කරන්නේ නෑ
සමහර අවස්ථාවල ඔහු මට කියලා දෙනවා මේ දේ නම් එච්චර ගැළපෙන්නේ නෑ කියලා. එතනදී මං ඔහුව තේරුම් ගන්නවා. මගේ සැමියා මිථිල කියන්නේ මට තාත්තා කෙනෙක්, සහෝදරයෙක් වගේ බැඳීමකින් මං ළඟින්ම ඉනන් කෙනෙක්. ජීවිතේ බෙදාගන්නවා වගේම වෘත්තීය ජීවිතේත් ඔහු සමග තීරණ අරන් තමයි ඉදිරියට අරන් යන්නේ.

ඔහුට ඔබ ලබන ආකර්ෂණයක් ලැබුණ නම් ඔබ ඔහුව කොහොම පිළිගනීවිද?
මං විතරක් ‍නෙවෙයි බාස්කට් බෝල් පුහුණුකරුවෙක් ලෙස ඔහුත් ඒ ක්ෂේත්‍රයෙන් විශාල ආකර්ෂණයක් ලබනවා. ඔහුටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා දෙන්නටම හොඳ ආකර්ෂණයක් වගේම ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන ඇත්තටම තියෙන්නෙ ලොකු සතුටක්.

වයසට යාම ගැන මොකද හිතෙන්නේ?
වයස කියන්නේ කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. වයසත් එක්ක අපි දිනෙන් දින පරිණත වෙනවා. වයස යන්න කලින් තවත් දරු හුරතල් බලන්න ආසයි. දරුවොත් එක්ක ජීවිතේ ගවෛනකොට ජීවිතේ හරි සුන්දරයි.

පවුල වෙනුවෙන් කලාවට සමුදෙන්න වුණොත් ඔබ ගන්නේ මොනවගේ තීරණයක් ද?
ජීවිතේ පළමු තැන මගේ පවුල කලාවත් එක්ක ලොකු බැඳීමක් නෑ. ඈත් වෙන්න බැරි තරම්. පවුල වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන් පවුලට තමයි මං මූලිකත්වය දීලා තියෙන්නේ.

කලා ලෝකය කියන්නේ නරක තැනක්ද?
ඕනිම ක්ෂේත්‍රයක හොඳ හෝ නරක රඳා පවතින්නේ පුද්ගලයා අනුව. හොඳ කෙනෙක් කොතැන හිටියත් හොඳයි. ඒ වගේම නරක කෙනෙක් කොච්චර හොඳ තැනක හිටියත් එතන නරකයි. ඩොක්ටර්ස්ලා ඉන්නවා වෘත්තිය කෙතරම් හොඳ වුණත් පුද්ගලයා අනුව වෘත්තියේ වටිනාකම අඩුකරගත් අය.

ඔබට තරහකාරයෝ ඉන්නවාද?
නොදැනුවත්වම මටත් තරහාකාරයේ ඇතිවෙලා ඇති. මං දන්නවා මට කැමති සහ අකමැති පිරිස් ඉන්නවා කියලා. නමුත් තරහකාරයෝ ගැනනම් මට වැටහීමක් නෑ. සමහර අවස්ථා තියෙනවා මං සුහදව කතා කළත් ඒ සුහදත්වය ඒ විදියටම නොලැබෙන. එතකොට නම් දැනෙනවා පුංචි හරි අමනාපයක් මාත් එක්ක ඇති කියලා.

ඔබට තරගකාරයෝ ඉන්නවාද?
මං මගේ ගමන ඉදිරියට යනවා මිසක් තරගවදින්න මට වුවමනාවක් නෑ. ක්ෂේත්‍රයේ ඉදිරියට පැවැත්ම හදාගන්නවා ඇරෙන්න තරගකරන්න බලන් කටයුතු කරන්නේ නෑ මම.

ජනප්‍රියත්වය නිසා නිදහස සීමා වෙලාද?
ඒක එහෙමම හිතන්න අමාරුයි. මොකද පවුල් ජීවිතය තුළ නිදහස හා සතුට උපරිමයෙන් තියෙනවා. ජනප්‍රියයි කියලා ජීවිතේ ලොකු හිරවීමක් හෝ සීමාවීමක් දකින්න නෑ.

ඔබ ගමින් කොළඹට ආපු කෙනෙක්. දැන් ගම අමතකයි ද?
ඇත්තටම මට ගම හොඳට මතකයි. අදටත් මං කොළඹ ගෙවන ජීවිතේට වඩා ගමට ගොඩක් ආදරෙයි. කොළඹ අපි එකිනෙකා අඳුරන්නේ නෑ. අඩුම තරමේ අල්ලපු ගෙදර විස්තරවත් කොළඹ ගෙවන ජීවිතේදී අපි දන්නේ නෑ. ඒත් ගමේ ජීවිත එහෙම නෑ. අපි එකිනෙකා හොඳට අඳුනනවා. ඒ ජීවිතේ හරි නිදහස්.

පුතාට බාස්කට් බෝල් ගහන්න පුරුදු කරන අදහස තාම තියෙනවද?
ඒ අදහස නම් තාමත් තියෙනවා. මමයි මිථිලයි දෙන්නම ක්‍රීඩාවට ළැදියි. ක්‍රිකට් හෝ බාස්කට් බෝල් වැනි දේකට පුතාව යොමුකරවන්න මිථිල ගොඩක් කැමති. දැන් බබාට අවුරුද්දක් වුණත් එයාගේ බාහිර පෙනුම අවුරුදු දෙකක තුනක වගේ. බබා ලැබෙනකොටත් ඩොක්ටර්ස්ලා වුණත් කියපු සහ අපි දැක්ක දෙයක් තමයි එයාගේ අත් කකුල් වුණත් හොඳින් වැඩිලා තිබුණෙ. එයා ක්‍රීඩාවට හැදිලා තියෙන්නේ කියලා අපි දෙන්නටම හිතෙනවා. අපි දෙන්නත් උසයි. බබත් ඒ වගේම උසවෙයි කියලා හිතෙනවා.

මිසිස් ව(ර්)ල්ඩ් වීමේ හීනය දැන් මගහැරිලද?
මිසිස් ව(ර්)ල්ඩ් වීමේ අදහස තාමත් තියෙනවා. නමුත් අද දකින්න ලැබෙන පැජන්ට් දිහා බලපුවාම ඇත්තටම කලකිරෙනවා. ගොඩක් ගැහැනු ළමයි ඒවට යොමුවෙලා තියෙනවා. ඒත් ඒ අය දිහා බලපුවාම ඉදිරියක් ගැන ලොකු අදහසක් ගන්න හරි අමාරුයි. අද ගොඩක් අය බලන්නෙ සහ උත්සාහ කරන්නේ දක්ෂතාවට වඩා සල්ලි ටිකක් වියදම් කරලා පැවැත්මක් ගොඩනගන්න.

දෙන්නගේ බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තිබුණා නේද?
ඒක අපි දෙන්නගෙම අදහසක්. තවත් මාස 6කින් වගේ ව්‍යාපාර වැඩකටයුතු ආරම්භ කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close