දකුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂක පාතාලයා අවි සමග දැ‍ලේ

දකුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂක පාතාලයා අවි සමග දැ‍ලේ

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රධාන පුද්ගලික ආරක්ෂකයෙකු වූ පාතාල කල්ලි සාමාජිකයකු ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ රැසක්ද සමග සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස

දකුණු අහසේ විශාල එළියක්: උල්කාපාතයක්දැයි සැකයක්
කෝලි – පාණ්ඩේ ඉන්දියාව දිනවති
සියළුම බාදක මැද පර්පල් රේන්ජ් ඉඳුනිල් Facebook Live ඇවිත් කියපු දේ – Video

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රධාන පුද්ගලික ආරක්ෂකයෙකු වූ පාතාල කල්ලි සාමාජිකයකු ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ රැසක්ද සමග සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් හෝමාගම, පිටිපන උතුර ප්‍රදේශයේදී පෙරේදා (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෝමාගම, පිටිපන පාර පදිංචිව සිටින 43 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකි.
මෙම සැකකරු ළඟ තිබි පෑනක ප්‍රමාණයේ කුඩා ගිනි අවියක් ඇතුළු පිස්තෝල තුනක්, ඒවාට යොදන ජීව උණ්ඩ 34 ක් සහ මැගසින් එකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල සාමාජිකයා පාතාල නායක අතුරුගිරියේ ලඩියාගේ කල්ලියට සම්බන්ධ අයකු බවටද ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කිසියම් අපරාධයක් සඳහා මෙම ගිනි අවි භාවිත කළේදැයි යන්න සම්බන්ධව ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close