දකුණු අහසේ විශාල එළියක්: උල්කාපාතයක්දැයි සැකයක්

දකුණු අහසේ විශාල එළියක්: උල්කාපාතයක්දැයි සැකයක්

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ මුහුද ප්‍රදේශයේ විශාල එළියක් නිකුත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මාතර, අකුරැස්ස, ගාල්ල,

දූෂිතයෝ අපරාධකාරයෝ අද වැඩිපුර ඉන්නේ පන්සල්වල, පල්ලිවල, කෝවිල්වල – සුනිල් පෙරේරා
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක් වී ආණ්ඩුව කිරීමේ සූදානමක්
අද ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් ගැටුමට පොලිසියෙන් 1,000ක්

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ මුහුද ප්‍රදේශයේ විශාල එළියක් නිකුත් වූ බව වාර්තා වෙයි.

ඒ අනුව මාතර, අකුරැස්ස, ගාල්ල, දෙනියාය, තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විශාල ශබ්දයක් සමඟ එළියක් ඇතිව තිබෙන බවට එම ප්‍රදේශයන් හි ජනතාව දැක තිබෙන අතර රාත්‍රි 8.45 – 9.00 අතර කාලයේ දී මෙය දැක තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ විමසීමක දී ගුවන් හමුදාව  ප්‍රකාශ කළේ අදාළ කාලසීමාවේ දී කිසිඳු ගුවන් යානයක් එම ගුවන් සීමාවේ පියාසර කර නොමැති බවයි.

බොහෝ විට මෙය උල්කාපාතයක් වියහැකි බවට ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close