තමන්ගේ ගීත කොල්ල කා ඇතයි වෙබ් අඩවි වලට නඩු

තමන්ගේ ගීත කොල්ල කා ඇතයි වෙබ් අඩවි වලට නඩු

තම ගීත යොදාගමින් අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි අන්තර් ජාලය තුළ කෝටි ගණනින් මුදල් උපයන බවට කලාකරුවන් පිරිසක් එක්ව නඩු පැවරීමට සූදා

එක රැයින් ලොව­පුරා ප්‍රසිද්ධ වුණු ගීත ගයන ට්‍රම්ප්
උසස්ම ගණයේ විලවුන් වන ‘ලක්ස් පර්ෆියුම්ඩ් බාර් කලෙක්ෂන්’ වෙළෙඳපොළට හඳුන්වාදෙයි
‘හෙනම ගහපන්‘ දුම්රිය මගීහු රියදුරන්ට නියාමකවරුන්ට සාප කරති

තම ගීත යොදාගමින් අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි අන්තර් ජාලය තුළ කෝටි ගණනින් මුදල් උපයන බවට කලාකරුවන් පිරිසක් එක්ව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

සිය ගීත  ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට  හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව ඔවුන් චෝදනා කර සිටී.

එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවත්, තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද අයතා ලෙස එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පවසයි.

වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද කලාකරුවන් කියා සිටියේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close