ඩිනක්ෂිගේ රහසිගත සහෝදරයා . .

ඩිනක්ෂිගේ රහසිගත සහෝදරයා . .

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් දූවරු තිදෙනෙකුගේ තාත්තෙක් බව කවුරුත් දන්නවා. ඩිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ ඒ තාත්තාගේ දූවරු තුන්දෙනා කියල

රැඳවියකු බැලීමට ආ රූමතියට බන්ධනාගාර නියාමකගෙන් අයුතු යෝජනාවක් !
‘දෙවෙනි ඉනිම’ මඟ නවති කතාව අතේ පත්තුවේ
දකුණු අහසේ විශාල එළියක්: උල්කාපාතයක්දැයි සැකයක්

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් දූවරු තිදෙනෙකුගේ තාත්තෙක් බව කවුරුත් දන්නවා. ඩිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ ඒ තාත්තාගේ දූවරු තුන්දෙනා කියලත් කවුරුත් දන්නවා. ඒත් පහුගිය දවස්වල මූණු ‍පොතේ මේ තාත්තලා දුවලා ගැන වෙනම කතාවක් කියැවුණා. ඒ දිනේෂ්ට පුතෙක් ඉන්නා වග. එහෙමත් නැත්නම් ඩිනක්ෂිට වැඩිමල් සහෝදරයෙක් ඉන්නා වග. දන්න නොදන්න බොහෝ දෙනෙක් මේ කතාවට එක එක විදියේ අර්ථ දක්වලා තිබුණා. නමුත් ප්‍රියසාද් පවු‍ලේ හැමෝම වගේම මේ අලුතින් කරළියට ආව අයියත් මේ ගැන මුනිවත රැක්කා. අපි ඒ මුණිවත බිඳලා ප්‍රියසාද් පවු‍ලේ ලොකු දෝණිගෙන් පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත ඇහුවා.

ඇත්තද මේ පැතිරෙන කතා?
එක එක කතා පැතිරෙනවානේ, මොන කතාව ගැනද ඔය අහන්නේ?

ඩිනක්ෂිගේ වැඩිමල් සහෝදරයා ගැන?
මමත් ඒ වගේ කතාවක් FB එකේ දැක්කා.

ඒ කියන්නේ දැන් සහෝදරයෝ අඳුන ගන්නෙත් FB එකෙන් වගේ?
අනේ මන්දා, මේවා කාගේ වුවමනාවට මොන පදනමකින් කියන කතාද කියලා.

ඒ කතාවේ ඇත්තක් නෑ කියලාද කියන්නේ?
කවුරුත් දන්නවානේ අපිට අයියා කෙනෙක් නෑ කියලා. අඩු තරමේ ප්‍රියසාද් නමින් ඥාති සහෝදරයෙක්වත් අපට නෑ. මොකද අපේ වාසගම නමෛයි ප්‍රියසාද් කියන්නේ. අපේ වාසගම පීරිස්, තාත්තා ප්‍රියසාද්, මහප්පා අර්ථසාද්, ඒ නිසා තාත්තයි, අපි තුන්දෙනයි අම්මයි හැරෙන්න අපේ පවු‍ලේ වෙන කවුරුත් ප්‍රියසාද් නම භාවිතා කරන්නේ නෑ.

එහෙනම් කවුද මේ හිටි හැටියේ පාත් වෙච්ච ප්‍රියසාද් අයියා?
ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්නවත් අදහසක් නෑ. ප්‍රියසාද් කියන නම ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන්නේ. ඒත් නම තිබුණ පමණින් හැමෝම මගේ අයියලා වෙන්නේ නෑනේ.

ඔය කියන අයියව ඩිනක්ෂි දන්නවද?
නැහැ. මම තාත්තගෙනුත් ඇහුවා දන්න කෙනෙක්වත්ද කියලා. ඇත්තටම අපි කවුරුත් එයාව පෞද්ගලිකව දන්නේ නෑ. අනික එයා කිසිම තැනක අපි එයාගේ නංගිලා කියලාවත්, අම්මා තාත්තා ගැනවත් කියලා නැහැනේ. වෙන අයනේ මේ නෑකම හදන්න උත්සාහ කරන්නේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close