ඩයලොග් 20 දින ගත් ඇමතුම් සහ SMS සියල්ල නොමිලේ

ඩයලොග් 20 දින ගත් ඇමතුම් සහ SMS සියල්ල නොමිලේ

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ 20 දින පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අප

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී
දිවුලපිටිය පොලිසිය දෙවෙනි බිල්ලත් ගනී
කොල්ලා කෙළින්ම කෙල්ලේගෙන් අහනවා එළියට යමුද කියලා

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ 20 දින පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක්විය.

ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටිණ.

වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබිණ.

ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මක නොවිය.

කෙසේවෙතත් ඊයේ දිනයේ ඇතිවූ මෙම බිඳ වැටීම නිසා ඩයලොග් ආයතනයෙන් පාරිභෝගිකයන්ට සහන සේවාවක් දී තිබේ.

එනම් ඩයලොග් පාරිභෝගිකයන් විසින් 20 දින ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ (SMS )සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close