ට්‍රම්ප් සූර්ය ග්‍රහණය නරඹලා

ට්‍රම්ප් සූර්ය ග්‍රහණය නරඹලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, පුතු බැරන් සහ ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය මෙන්ම ඔහුගේ උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ද ධවල මන

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර ප‍්‍රබල භූ කම්පනයක්
කමල් හසන්ගේ බාල දියණිය ‘බුදුදහම’ වැලඳගනි
ආන්දෝලනාත්මක “පද්මාවත්” බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, පුතු බැරන් සහ ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය මෙන්ම ඔහුගේ උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ද ධවල මන්දිරයේ සඳලු තලයේ සිට පසුගිය 21 දා පූර්ණ සූර්ය ග්‍රහණය නැරැඹූහ.

ජනපති ට්‍රම්ප් සහ පවුලේ අය පමණක් නොව, ධවල මන්දිර කාර්ය මණ්ඩලය පවා වසර 99 කට පසු ඇමෙරිකාවට දකින්න ලැබුණු මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නැරැඹීමට යුහුසුළු වූහ. ඇමෙරිකාවට සූර්ය ග්‍රහණය දිස්වීම ආරම්භ වූයේ උදේ 9 ටය. උදේ 10.20 වෙද්දී, හිරු මුළුමනින්ම වැසී ගොස් තිබුණු අතර. මිනිත්තු 90 ක කාලයක් අඳුර පැවැතිණි.

මේ අතර අමෙරිකාවට දිස්වූ පූර්ණ සූර්ය ග්‍රහණය අමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි එරට ජෝතීර්වේදීහු අනාවැකි පළකර ඇති බව වාර්තා විය.

ට්‍රම්ප්ගේ කේන්දරය අනුව ඔවුන් මෙසේ පවසා ඇති බවත් අමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප්ට කටයුතු කරගෙන යෑම අසීරු වනු ඇති බවත් ජෝතීර්වේදීහු අනාවැකි පවසා ඇති බව සදහන්ය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close