ජීවිත රැසක් තම ජීවිත පරිත්‍යාගයෙන් බේරු නිලමේ මල්ලිගේ කථාව

ජීවිත රැසක් තම ජීවිත පරිත්‍යාගයෙන් බේරු නිලමේ මල්ලිගේ කථාව

දිනය පසුගිය 01දාය. බණ්ඩාරවෙල සිට උෟව - කොස්ගම හරහා බළන්ගොඩ මරංගහවෙල යන ලංගම බස් රථය සවස ගමන්වාරය ආරම්භ කර තිබුණේය. බස් රථයේ රියැදුරු කීර්ති බණ්ඩාරය. ග

අව්‍යජ කලාකරු සමන් එදිරිමුණි කූඹියන්ට සුබ පතයි
විවාහය කියන්නේ මම මගහැරපු දෙයක් – නිරෝෂා
අනියම් ඇසුරක් නිසා ජිවීත දෙකක් අහිමිවේ

දිනය පසුගිය 01දාය. බණ්ඩාරවෙල සිට උෟව – කොස්ගම හරහා බළන්ගොඩ මරංගහවෙල යන ලංගම බස් රථය සවස ගමන්වාරය ආරම්භ කර තිබුණේය. බස් රථයේ රියැදුරු කීර්ති බණ්ඩාරය. ගමේ දන්නා කියන කාටත් නිලමේ මල්ලීය. නිලමේ මල්ලී රත්තරන් මනුස්සයෙක් වගෙ කියන්නෝ බොහෝය.

කවුරුත් දන්නා ආකාරයට නිලමේ මල්ලී රියැදුරු අසුනේ ඉඳගත් විට ඉවසිලිවන්තය. ඉවසිලිවන්ත රියැදුරන් අපේ රටේ නැති තරම්ය. අපේ පාරවල රිය පදවන බොහෝමයක් රියැදුරන් නොව මදාවියන්ය. පැය දෙකකට වරක් මේ රටේ මනුස්සයෙක් මහ පාරේ මිය යන්නට ප්‍රධානම හේතුව රියැදුරුකමට නිගාදෙන මදාවිකමය. එවැනි අවිනීත අමනුෂ්‍යයන් අතර නිලමේ මල්ලී වැනි රියැදුරන් හමුවූයේ කලාතුරකින්ය. ඒ නිසාම නිලමේ මල්ලී රියැදුරුකම කරන බස් රථයේ යෑම් ඊම් කිරීමට ගමේ ඇත්තන් මඳක්වත් පැකිළුණේ නැත.

පසුගිය 01 දාත් බස් රථය දිනයේ අවසන් ගමන්වාරය ආරම්භ කළේය. සවස 4.20ට පමණ බණ්ඩාරවෙලින් පැමිණි බස්රථය හපුතලේ නගරයෙන් සවස 5.20ට පමණ ගමන් ආරම්භ කළේය. බසයේ ගමන් ගත් මගීන් ගණන 23කට වැඩිය. බස් රථය සුපුරුදු ගමනේය. මෙතැන් සිට බොහෝ දුරක් යනතුරු මාර්ගය දිවෙන්නේ බෙරගල කඳු බෑවුමේය. එක් පසෙකින් මීටර් තුන් හාරසීයක ප්‍රපාතයක්ය. අනෙක් පසින් ඉහළට ඇදෙන කන්දය. මඳ දුරක් යන විට හපුතලේ බෝඩ් ලෑල්ල සවිකර තිබූ වංගුව හමුවේ. වංගුව පසුවන වන විටම දකුණු පසින් උඩවිහාරගල ගල්කුළය. එහි තැනෙක මාර්ගය දෙසට නෙරා ආ නෙරුමකි.

හපුතලේ නාම පුවරුව පසුකරත්ම එක්වරම බසයේ වේගය වැඩි විය. නිලමේ මල්ලී කෑ ගැසුවේය.
බස් එකේ බේ්‍රක් නැති වුණා. තිරිංග වැඩ කරන්නේ නැහැ. රිය එන්න එන්නම වේගවත්ය. බස් රථයේ සිටි මගීහු එක සීරුවට කෑ ගසන්නට වූහ.
“කලබල වෙන්න එපා. ඔක්කෝම බස් එකේ පස්සට යන්න.” නිලමේ මල්ලී කෑ ගැසුවේය. ඒ වන විට බස්රියේ පොලිස් නිලධාරියෙක් සිටියේය. කොන්‍ෙදාස්තර තැන සිටියේ රිය පසුපසිනි. ඔවුන් දෙදෙනාම බස් රථය ඉදිරියට දිව ආහ. ඊළඟ මොහොත තීරණාත්මකය. එක් පසෙක අඩි තුන්සියකට වැඩි ප්‍රපාතයය. ඒ ප්‍රපාතයට පෙරළුණහොත් බස් රථයේ මගී ජීවිත සියල්ල එක මොහොතින් විනාශය.

තීන්දුවක් ගැනීමට ඉතිරි වී ඇත්තේ ක්‍ෂණයකි. නිලමේ මල්ලී බස් රථය පාරේ අනෙක් පසට ගෙන රියැදුරු අසුන පැත්ත උඩවිහාරගල ගල්කුළෙහි හැප්පෙන්නට හැරියේය. ඒ වන විට බස් රියේ වේගය පැයට සැතපුම් හැටකට වැඩිය. රියේ මුහුණත ගල්කුලේ වැදී මුළුමනින්ම කුඩුපට්ටම් වී ගොස්ය. එක සීරුවට නැඟෙන කෑ ගැසීම්ය. ඒත් නිලමේ මල්ලී නිහඬය. ජීවිත ගණනාවක් බේරා ගැනීම සඳහා ස්වකීය ජීවිතය පූජා කළ රත්තරන් මනුස්සයා කුඩුපට්ටම් වූ බස් මුහුණත අතර සිරවී සිටියේය. බස්රිය නවත්වා ගැනීම සඳහා බස්රියේ ඉදිරියට ගිය පොලිස් නිලධාරියාත් බස් රථයේ කොන්‍ෙදාස්තර තැනත් අවසන් ගමන් ගොස් තිබිණි. අට දෙනෙක් බරපතළ තුවාල ලැබුවේය. 13 දෙනෙක් සාමාන්‍ය තුවාල ලැබුවේය.

කලුපහණ නිඳන්ගොඩ පදිංචි ඩබ්ලිව්.එම්. ප්‍රේමරත්න (45) මේ බස් රථයේ ගමන් ගත් මගියෙකි. ඔහු තුවාල සහිතව ප්‍රතිකාර ගනිමින් සිටින්නේය. ඔහු කියන කතාව මෙසේය.

“මම මහනුවර පෞද්ගලික ආරක්‍ෂක අංශයක රැකියාවක් කරන්නේ. එදා 01දා නිවාඩුවට ගෙදර ඇවිල්ලා හපුතලේට ගිහින් එනකොට තමයි මෙම අනතුරට මුහුණ දුන්නේ. හපුතලේට මරංගහවෙල බසය ආවෙ සවස 5.20ට විතර. බස් එක ටික දුරක් පල්ලමේ ආවා. හපුතලේ බෝඩ් එක සිටුවලා තියෙන වංගුව පසු වුණා විතරයි රියැදුරු මහත්තයා කෑ ගහලා කිව්වා බස් එකේ බේ්‍රක් ගියා කියලා.”

ඒ වෙලාවේ මම හිටියේ රියැදුරු මහත්තයාගේ සීට් එකේ ඉඳලා තුන්වෙනි පේළියේ සීට් එකක. බස් එක තනි ‍ෙදාරේ එකක්. ‍ෙදාරටුව තිබුණේ එක් පැත්තක හරි මැදින්. ඒ දෙපැත්තට ඇතුළින් සීට් පේළි දෙකක් හරහටයි. දාලා තිබුණේ. මේ වෙලාවේදී බස් රථයේ කොන්‍ෙදාස්තර මහත්තයයි පොලිසියේ මහත්තයයි හිටියේ පිටි පස්සේ. වේගය වැඩිවෙමින් ඉදිරියට යනකොට මේ දෙන්නත් ඉස්සරහට දිව්වා බස් එක නවත්වගන්න වැඩේට උදවු කරන්න. බස් එකේ ඒ වෙලාවේ 25ක් විතර ඉන්න ඇති. හැමෝම කලබල වෙලා කෑ ගහනවා. ඒ එක්කම රියැදුරු මහත්තයත් එක්ක තුන්දෙනෙක් එළියට විසිවෙනවා වගේ දැක්කා. මට නියම සිහිය ලැබුණේ දියතලාව මූලික රෝහලේදී. එයට කලින් මාව පන්කැටිය සහ හපුතලේ රෝහල්වලට ගෙනිහින් තියෙනවා. තුන්දෙනෙක් මියගියා. කියලා ආරංචි වුණා. මේ මිනිස්සු මැරුණේ අනික් මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ගිහින්.” ඔහු කීවේය.

උෟව තැන්න මරංගහවෙල පදිංචි ජේ.ඇම්. සුමනපාල (67) ද අනතුර වනවිට හිටියේ බස් රියේය.
“මරංගහවෙල බසයට බණ්ඩාරවෙලින් නැග්ගේය. සවස 4.20ට විතර. මම හිටියේ රියැදුරු අසුන පිටුපසින් තියෙන දෙවන පේළියේ. බෙරගල පල්ලමේ බහින කොට බසයේ වේගය එක වරම වැඩි වුණා. රියැදුරු මහත්තයා කෑ ගහලා කිව්වා කලබල වෙන්න එපා කියලා. හැමෝම කෑ ගහන්න පටන් ගත්තා. රියැදුරු මහත්තයා එකපාරට බස් එක පැති වේල්ලේ හැප්පුවා. බස් එක හැප්පෙන්න කලින් රියැදුරු මහත්තයයි, කොන්‍ෙදාස්තර මහත්තයයි, පොලිසියේ මහත්තයයි, ටයිම් කීපර් මහත්තයයි බස්එක බේරගන්න උත්සාහ ගත්තා. ඒ වෙලාවේ බසය නතර කර ගන්න උත්සාහ කළ හතර දෙනාම මියගියා කියලා පස්සේ ආරංචි වුණා.
රුපියලට, ශත පනහට මිනිස් ජීවිත තීන්දු කරන අශ්ලීල රියැදුරන් සිටින රටකදී තම බස් රථයේ ගමන් ගත් මගීන්ගේ ජීවිතය වෙනුවෙන් ජීවිතය පූජා කළ කීර්ති බණ්ඩාර නමැති මේ උදාර රියැදුරු මහතාගේ නිවෙස සොයා ගියෙමු. ඔහු අවසන් ගමන් යෑම සඳහා සැරසී උන්නේය. ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ මරංගහවෙලය. ගමේ කා අතරත් නිලමේ මල්ලී ලෙස ප්‍රකටව සිටි මේ මිනිසා ජීවත්ව සිටි කාලයේ උපයාගෙන තිබුණු දේ දුටුවේ මළගමට පැමිණ සිටි පිරිස දුටු විටය.
ඔහුගේ බිරිය ටී.එම්. ප්‍රියංගිකා විජේනිල්මිණිය. ඇයගේ අඳෝනාව සිත කම්පා කරන්නේය.

“මහත්තයට ඔක්කොම කට්ටිය කියන්නේ නිලමේ මල්ලී කියලා. ලොකු පොඩි කියලා නැහැ එයා කවුරුත් එක වගේ ආශ්‍රය කළා. මහත්තයා මුලින්ම හිටියේ මීතොටමුල්ල ලංගම බස් ඩිපෝවේ. අපේ මරංගහවෙල ගමට ඉතා අමාරුවෙන් ගත්ත ලංගම බසයේ වැඩ කරන්න හුඟක් අය අකැමැති වුණා. ඇයි අලි ගහයි කියලා බයට. මරංගහවෙල ප්‍රදේශයට තියෙන්නේ වල් අලින්ගෙන් කොයි මොහොතක හෝ අනතුරක් වෙයිද? කියලා තියෙන බියක් විතරයි. මහත්තයා බණ්ඩාරවෙල ඩිපෝවට මාරුවෙලා ඇවිත් අපේ මරංගහවෙල ගමේ බස් එකේ වැඩ කළා. මේ බස් එක ගමේ අයට ලොකු සහනයක් වුණා. බස් එක නැතිනම් කිලෝමීටර් අටක්ම පයින් තමයි යන්න වෙන්නේ.
මහත්තයා හරිම ප්‍රවේසම් කෙනෙක්. එයා බස් එක එළවනකොට හරිම සැලකිලිමත්. එදා 01 දිනත් බණ්ඩාරවෙල ඩිපෝවේ මරංගහවෙල බසයේ උදේ ඉඳලම වැඩ කළා. මෙහෙම දෙයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ.” ඇය කතා කරගත නොහැකිව ඉකි ගසයි. දරු පැටවු දෙදෙනා ඇය දෙපසය.

පැමිණ සිටින මහා ජනසන්නිපාතය දෙස බලමි. මිනිසකුට මීට වඩා වත්කමක් උපයා ගත නොහැකිය. පසෙක ළෙල දෙන බැනරයකි. එහි මෙසේ සඳහන්ව තිබෙණු දුටුවෙමි.
ඔබ වැනි සොඳුරු මිනිසෙකු ඇසුරු කළ අප පින්වන්තයෝය.. නිලමේ මල්ලීි… ඔබට නිවන් සුව…

මිනිසකුට ලෝකය සුන්දර තැනක් කළ හැකිය. ඒ සඳහා ඔහු ලෝකය වෙනුවෙන් කැපකිරීමක් කළ හැකි පුද්ගලයෙක් විය යුතුය. කීර්ති බණ්ඩාර ඒ උත්තුංග කැපකිරීම කළේය. කීර්ති බණ්ඩාර වැනි මිනිසුන් විරලය. හමුවන්නේ කලාතුරකින්ය. එවැනි ආදරණීය මිනිසුන් ජීවත් වීමත් එපා වී ජීවත්වන්නන්වාලේ ජීවත්වන අපට ජීවිත බලාපොරොත්තු දෙන්නේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close