ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යන්න බෑ කියද්දී – තිසර නවකයන් සමග ගමනට ලෑස්‌ති වෙයි

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යන්න බෑ කියද්දී – තිසර නවකයන් සමග ගමනට ලෑස්‌ති වෙයි

පාකිස්‌තානය සමග ලබන 29 වැනිදා ලාහෝර්හිදී පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වීමට නොහැකි බව දැන්වීමෙන් පසු දෙරට අතර තරග තුනකින්

මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ
ප‍‍්‍රසිද්ධ නළුවෙක් සංවේදි වේ. ආයතනයකට කඩා පැන පහර දි යකා නටයි..
පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග

පාකිස්‌තානය සමග ලබන 29 වැනිදා ලාහෝර්හිදී පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වීමට නොහැකි බව දැන්වීමෙන් පසු දෙරට අතර තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් තරුණ කණ්‌ඩායමක්‌ නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

2009 වසරේ ලාහෝර්හී ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉලක්‌ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලාහෝර් ගමන ප්‍රතික්‌ෂේප කරද්දී ඊට කැමැත්ත දැක්‌වූ ක්‍රීඩකයන් පමණක්‌ තරග තුන සඳහාම නම් කර ඇති අතර වසර අටකට පසුව ශ්‍රී ලංකා පිලක්‌ පාකිස්‌තානයේ සංචාරය කිරීමද විශේෂත්වයකි.

ලාහෝර් තරගය සඳහා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු නික්‌ පෝතාස්‌ සහ භෞතචිකිත්සක නිර්මාලම් තනබාලසිංහම්ද සහභාගිවීම ප්‍රතික්‌ෂේප කර ඇති නමුත් ඔවුන් කණ්‌ඩායම සමඟ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේදී පමණක්‌ රැඳී සිටින බව වාර්තා වේ. යම් හෙයකින් ඔවුන් දෙදෙනා ලාහෝර් තරගයට සහභාගි නොවුණහොත් අතිරේක භෞතචිකිත්සකවරයකු සමග සහ වැඩබලන පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකා පිල එම තරගයට පමණක්‌ සහභාගි වේ.

‘ඇත්තටම සතුටුයි කණ්‌ඩායමේ නායකත්වය ලැබීම ගැන. මේක ඇත්තටම සිහිනයක්‌ සැබෑ වීමක්‌. මට දීලා තියෙන කණ්‌ඩායමේ හැමෝටම පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන් වේග පන්දු යවන්නන් සහ අර්ධ කාලීන පන්දු යවන්නන් මේ සංචිතයේ ඉන්නවා. ඒ නිසා විශේෂ දෙයක්‌ කරන්න පුළුවන් කියලා හිතනවා.’ යනුවෙන් තිසර සිය නායකත්වය පිළිබඳව විදෙස්‌ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත් ලාහෝර් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව පාකිස්‌තානයේ රැඳී සිටින්නේ පැය 24 ක්‌ වැනි කාලයක්‌ බවද සටහන්වේ. මේ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු ක්‍රිකට්‌ නිලධාරීන්ද ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාද සහභාගි වන බව දන්වා තිබේ. පාකිස්‌තානය මෙම තරගයට පමණක්‌ 15000 කට ආසන්න ආරක්‌ෂක සේනාවක්‌ යොදවා ඇතැයි තවදුරටත් වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ ක්‍රීඩා ඇමැතිවරයාද පාකිස්‌තානයේ වත්මන් ආරක්‌ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්ව ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයද ඒ බව සනාත කර තිබේ.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතයේ සිටි උපුල් තරංග, අකිල ධනංජය, වනිඳු හසරංග, නිරෝෂන් දික්‌වැල්ල, සුරංග ලක්‌මාල්, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්‌ අදාළ සංචාරය යැමට නොහැකි බව පවසමින් ලිපියක්‌ භාරදීම හේතුවෙන් ක්‍රීඩකයන් නව දෙනකු කණ්‌ඩායමට එක්‌ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සිදුවිය.

තිසර විස්‌සයි විස්‌ස තරග 60 කදී ලකුණු 761 ක්‌ ලබා ඇත. එහිදී ඉනිමක සාමාන්‍ය 23.78 ක්‌ ලෙස සටහන්වේ. ප්‍රහාරාත්මක වේගය ලකුණු 150.39 කි. විස්‌සයි විස්‌ස කඩුලු 42 ක්‌ බිඳ දමා ඇති තිසර 2010 වසරේ සිට ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම නියෝජය කරනු ලබයි.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායම මෙහෙයවන නව වැන්නා ලෙස තිසර පෙරේරා පත්වෙද්දී ඊට පෙර මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, තිළිණ කණ්‌ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග සහ උපුල් තරංග අදාළ කණ්‌ඩායමේ නායකයන් ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සංචිතය

තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, දසුන් ශානක, මිනෝද් භානුක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්‌කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙරි වැන්ඩ්‍රසි සහ චතුරංග ද සිල්වා

අසේල විතාන

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0