ජනාධිපති දියණියගේ ලොව හෙල්ලූ පින්තූරය

ජනාධිපති දියණියගේ ලොව හෙල්ලූ පින්තූරය

කිර්ගීසියාවේ ජනාධිපතිගේ බාල දියණිය අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහර

දෙවෙනි ඉනිම අවසන් වෙයිද?
ශ්‍රී ලංකික තරුණයෙකු ලිතුවෙනියවේදී රියලිටි වැඩසටහනක
මට ලැජ්ජාව ගෑවිලාවත් නෑ

කිර්ගීසියාවේ ජනාධිපතිගේ බාල දියණිය අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කළඹන විවාදයක් බවට පත්විය.

මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක් ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතුකරන දසුනක්ද? යන්න සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව වී තිබේ.

ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක්කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමගිනි. “මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා.” ලෝක සෞඛ්‍ය සංවිධානය මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත්කර තිබුණේ පසුගිය සතියේය. මෙම ඡායාරූපය මාධ්‍ය කළඹන්නේ එයට සමගාමීවය.

සිය දරුවාට මව්කිරි පොවන අවස්ථාවක් දැක්වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළකළ පිංතූරය සදාචාරාත්මක නොවන පියවරක් ලෙස දෝෂ දර්ශනයට ලක්වීමත් සමඟ අලියා ෂගීවා එම පිංතූරය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරගනු ලැබ ඇතත් ඇය සිය ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටිමින් එය යුක්ති සහගත කර තිබුණි.

“මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික වුවමනා සම්පූර්ණ කිරීමේ චේතනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි. වරද ඇත්තේ බලන අයගේ” ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කළාය. එහෙත් බාහිර ලෝකය පමණක් නොව අලියා ෂගීවා ගේ පවුලේ සාමාජිකයෝ පවා ඇය සමඟ එකඟ නොවෙති. විවාදයට ලක්වූ එම පින්තූරය ඇයගේ පියා ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් මෙන්ම මව රේෂා ඇතුළු පවුලේ සාමාජිකයන් අසතුටට පත්කර ඇතිබව වාර්තා විය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close