චන්න විජේවර්ධනගේ දියණිය අසේකාට සාම තානාපති ධුරයක්

චන්න විජේවර්ධනගේ දියණිය අසේකාට සාම තානාපති ධුරයක්

අසේකා විජේවර්ධන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක සාම සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සාම තානාපති ධුරයෙන් පිදුම් ලබා ඇතැයි වා

දෙවැනි ඉනිම අවසානය මොකද වෙන්නේ?
වසර පහකට පසු ශාරුක් කාන් බලාපොරොත්තු කඩ කරගනි
තම දුව නිසාම තරඟයට පැමිණි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

අසේකා විජේවර්ධන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක සාම සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සාම තානාපති ධුරයෙන්
පිදුම් ලබා ඇතැයි වාර්තා වේ.

මෙරට සිටින ප්‍රමුඛ පෙළේ තරුණ නර්තනවේදිනියක වන අසේකා විජේවර්ධන වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ලෝක සාම සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සාම තානාපති ධුරය පිරිනමනු ලැබ තිබේ.

චන්න උපුලී ප්‍රාසාංගික කලායතනය මඟින් අසේකා විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංග හා 90කට අධික රටවල් සංඛ්‍යාවක ඇය විසින් ඉදිරිපත් කරන ලද
ප්‍රසංග තුළින් සාමයේ පණිවිඩය ජාතීන් වෙත ගෙනයෑම සඳහා ඉටු කරන ලද මෙහෙවර සලකමින් අසේකා ට මේ සම්මානය පිරිනමා තිබේ.

අසේකා ප්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන සහ ප්‍රවීණ නර්තනවේදිනී උපුලි පණීභාරත යුවළගේ දියණියයි.

පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වුණු එම සංවිධානයේ 2017 ලෝක ව්‍යාපාර හා නායකත්ව සම්මේලනයේදී අසේකාට මේ තානාපති පදවිය පිරිනමනු ලැබිණි. එහිදී ලෝක සාම සහ රාජ්‍යතාන්ත්‍රික සංවිධානයේ ගරු උපදේශක තනතුරක් නර්තනවේදී චන්න විජේවර්ධනට සහ මාධ්‍ය තානාපති තනතුරක් ප්‍රවීණ ඡායාරූප ශිල්පී සාගර ද මෙල් මහතාට හිමි විය.

නර්තනය නම් වූ විශ්ව භාෂාව මඟින් ලොව විවිධ රටවල ජනතාවගේ සිත් සතන් තුළ සතුට, සාමය සහ සංහිඳියාව ඇති කිරීමෙහිලා චන්න – උපුලි නර්තන
කණ්ඩායම විසින් දක්වන ලද විශේෂ මෙහෙවර මේ උත්සවයේදී ඉහළ අගැයීමට පාත්‍ර විය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close