ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරුව ජෝ ජොනාස් සමඟ විවාහ ගිවිස ගනියි

ගේම් ඔෆ් ත්‍රෝන්ස් තරුව ජෝ ජොනාස් සමඟ විවාහ ගිවිස ගනියි

බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනි සොෆි ටර්නර් නැතිනම් අපි කවුරුත් දන්නා කියන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාවේ “සන්සා” ඇමරිකානු ගායක ජෝ ජොනාස් සමඟ විවාහ ගි

රෑට රෑට හොරෙන් රට පනින ඇමැතිට දැල එළයි!
අගමැතිට යන්න කියා, හරීන් පිංගුත්තරයට බැණ වදී..[Video]
අවුරුදු 10කට පසු ශෂිකා නැවතත් යුග දිවියට

බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනි සොෆි ටර්නර් නැතිනම් අපි කවුරුත් දන්නා කියන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාවේ “සන්සා” ඇමරිකානු ගායක ජෝ ජොනාස් සමඟ විවාහ ගිවිසගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2016 පටන් එකට කාලය ගත කළ මෙම තරු යුගල මේ බව ඉඟි කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් දක්වා තිබුණි.

එහිදී දියමන්ති මුදුවක් පැළඳ සිටින ඡායාරුපයක් දෙදෙනා විසින්ම සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ නිකුත් කර ඇත.

21 හැවිරිදි සොෆි එම ඡායාරුපය පල කර තිබුනේ “මම කැමැත්ත දුන්නා,” ලෙසත්, 28 හැවිරිදි ජෝ එය පල කර තිබුනේ “ඇය කැමැත්ත පල කළා,” ලෙසත් සඳහන් කරමිනි.

එසේම ඔවුන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක්කරන්නට ජෝ ජෝනාස්ගේ සාහොදරයා නික් කටයුතු කර තිබුණා. ඇමරිකානු පොප් සංගීත ශිල්පියකු වන ඔහු සිය සහෝදරයාටත් අනාගත නෑනාටත් උණුසුම් සුබ පැතුම් එක් කරමින් පණිවිඩයක් නිකුත් කර ඇත.

 

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close