කෝටි 800ක ටෙලිකොම් ගනුදෙනුවක් ගැන හරීන්ට චෝදනා

කෝටි 800ක ටෙලිකොම් ගනුදෙනුවක් ගැන හරීන්ට චෝදනා

ටෙලිකොම් සමාගමේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අබලි කේබල් තොගයක් ඇමැති හරීන් ප්‍රනාන්දු ඔහුගේ හිතවත් සමාගම් ද

‘ආවා ගෘෘප්’ කල්ලිය ෆේස්බුක් හරහා මෙහෙයවපු හැටි හෙළිවෙයි
කවුරු ආවත්, කවුරු ගියත් 2020 දක්වා මම ආණ්ඩුව ගෙනි යනවා
රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..

ටෙලිකොම් සමාගමේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අබලි කේබල් තොගයක් ඇමැති හරීන් ප්‍රනාන්දු ඔහුගේ හිතවත් සමාගම් දෙකකට පිරිනැමීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය අනාවරණය කරයි.
මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව අත් දෙකම ඔසවන බවට ප්‍රකාශ කරන ඇමැති හරීන් ප්‍රනාන්දු මේ සිදු කිරීමට යන්නේ එකී වංචාවට නොදෙවැනි වංචාවක් බව එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

රංජිත් විතානගේ මහතා පවසන්නේ 2017 ජූලි (13දා) වැනි දින ටෙලිකොම් සමාගම විසින් එම අබලි කේබල් තොගය විකිණීමට අංක L/0178/2017 යටතේ ටෙන්ඩර් කැඳවූ අතර අංක L/0253/2017 ටෙන්ඩර් කැඳවීම යටතේ ආරක්‍ෂක තැන්පතුව ලක්‍ෂ 100ක් බවයි.

කෙසේ නමුත් ටෙන්ඩර් අංක L/0253/2017 යටතේ අදාළ අබලි කේබල් තොගයේ ආරක්‍ෂක තැන්පතුව සටහන් වී තිබුණේ රුපියල් ලක්‍ෂ පහක් බවත් ටෙන්ඩර්පත් නිකුත් කළ පසුව එහි වටිනාකම රුපියල් 50,000ක් ලෙස ටෙන්ඩර්කරුට දන්වා ඇති බවත් පවසන විතානගේ මහතා චෝදනා කළේ මෙමඟින් ටෙලිකොම් සමාගම අමු අමුවේ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය උල්ලංඝනය කර ඇති බවයි.

ඒ මහතා පවසන්නේ අදාළ ටෙන්ඩරය විවෘත කර පරීක්‍ෂා කර බැලීමෙන් පසුව එය අවලංගු කර නැවත භාරදීමක් එහි සිදුව ඇති බවත් එවැනි ආකාරයට ටෙන්ඩරයක් නැවත ලබා දෙනවා නම් එය මුද්‍රා සහිතව තිබිය යුතු බවත්ය.

එහිදී ටෙන්ඩර්පත් කැඳවීම හරහා විකිණීමට සූදානම් අබලි කේබල් තොගයේ ප්‍රමාණය සඳහන් නොකර තිබීම එම වංචාව හොඳින් සනාථ කරන බව හෙතෙම පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ එම අබලි කේබල් තොගය පිළිබඳ නිසි සටහන් ටෙලිකොම් සමාගම සතු වන අතර ඒවායේ බර සඳහන් නොකිරීම හරහා එවැනි විශාල වංචාවක් සිදුකිරීමට හැකි බවයි.

අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතනින්
මව්‍බිම

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close