කොල්ලුපිටියේ හොර විදේශ අධ්‍යාපන ආයතනයක් – කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට

කොල්ලුපිටියේ හොර විදේශ අධ්‍යාපන ආයතනයක් – කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට

රජයේ අවසරයකින් තොරව විදේශ අධ්‍යාපනය ලබාදීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කොල්ලුපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු කොල්ලුපිටිය ‍පොලිසියේ නිලධාරීන් විසින් ඊ

දිමංක විවාහ වෙලා…
තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහල තරුණයාට සිර දඬුවම්
ජනපති ගැන සුජීව සේනසිංහ කළකිරීමෙන්

රජයේ අවසරයකින් තොරව විදේශ අධ්‍යාපනය ලබාදීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කොල්ලුපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු කොල්ලුපිටිය ‍පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් අධ්‍යාපනය සඳහා යැයි පවසමින් මෙම ව්‍යාපාරිකයා විදෙස් රටවලට පුද්ගලයන් යවා ඔවුන් කම්කරු ආදී විවිධ රැකියාවලට යොමුකර ඇති බවට කොල්ලුපිටිය ‍පොලිසියට ලද පැමිණිලි කීපයක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ කණ්ඩායමක්ද සහභාගිවූ බව කොල්ලුපිටිය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා මහතා පැවසීය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් මෙම විදේශ අධ්‍යාපනය ලබාදීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. විශාල ලෙස මුදල් වංචාකර පුද්ගලයින් විදෙස්ගතකර ඇතැයිද අනාවරණය වී ඇත.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ආයතනය පරීක්ෂා කිරීමේදී විදෙස් ගුවන් බලපත්‍ර විස්සක් පමණ ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙලෙස විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ළඟ තබාගැනීම නීති විරෝධී බව ‍පොලිසිය පවසයි.

මෙම සැකකාර ව්‍යාපාරිකයා අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධව කොල්ලුපිටිය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සාලිය කුමාර ගුණසේකර

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close