“කියමු ලතාවේ” අරන් දිමන්ක ඇවිත්

“කියමු ලතාවේ” අරන් දිමන්ක ඇවිත්

“නිදුකින් ඉනු මැන” ගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු දිමන්ක වෙල්ලාලගේය. ඔහුගේ නවතම ගීතය “කියමු ලතාවේ” නමින් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා වත්මන් සංග

“මම කොටට අඳින්න බය නැහැ. හොරෙන් කරන කොච්චර දේවල් තියෙනවද.?
ඉරාජ්ගේ තාත්තා “ප්‍රීතිරාජ්” පුතා වෙනුවෙන් කට අරියි
මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි – පබෝධා සංදීපනී

“නිදුකින් ඉනු මැන” ගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු දිමන්ක වෙල්ලාලගේය. ඔහුගේ නවතම ගීතය “කියමු ලතාවේ” නමින් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව පැවසීමට ඔහු අප හා මෙලෙස එක්විය.

මේ දවස්වල විශේෂ වැඩකටයුතු නැහැ. වර්ෂාව නිසා ප්‍රසංග කල් ගියා. ඒ නිසා මේ දිනවල ශබ්දාගාරයේ වැඩකටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඔබගේ නවතම ගීතය “කියමු ලතාවේ” නමින් එළිදක්වලා තියනවා.

ඒ ගැන සඳහන් කළොත්?
“කියමු ලතාවේ” ගීතය එළිදක්වලා තම දවස් ගානයි වෙන්නෙ. ඒ ගීතයේ පද රචනය කැලුම් ශ්‍රීමාල් මහත්මා සහ සංගීතය කැබිත්ත ගුණවර්ධන මහත්මා විසින් සිදු කළා. රසිකයන් මගෙන් කාලයක ඉඳන් වෙනස් දෙයක් ඉල්ලුවා. ඉතින් මෙම ගීතය සතුටින් අහලා විනෝද වෙන්න පුළුවන් ගීතයක්. මෙකේ කතාවක් තියෙනවා, ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. මගේ රසික රසිකාවියෝ මෙය ආදරෙන් වැලඳගනී කියලා මම විස්වාස කරනවා.

ඔබ ගීත නිකුත් කරන්න යම් කාලසීමාවක් ගන්නවාද?
ඇත්තටම ඔව්, මම අවසානයට කළ “ආදරෙයි වස්තු” ගීතය කරලා මාස 10 වගේ ගිහින් තමයි අලුත් ගීතය එළිදැක්වුණේ. කාලයක් සමහර ආයතන එක්ක වැඩ කරද්දි ගීත එළියට දාන්නෙ ඒ අයට හිතුනම, නමුත් ස්වාධීන වැඩ කරද්දි පොඩි අධ්‍යයනයක් කරලා තමයි වැඩ කරන්නෙ. මං හිතන්නෙ රසිකයන්ට ගීතය අහන්න දෙන්න ඕන. නැතුව එකපිට කරලා වැඩක් නැහැ. සල්ලි හම්බකරන එක නෙමෙයි වැදගත්. මෙහි ක්ෂේත්‍රයේ නමක් හදාගෙන දිගු ගමනක් යන එකයි වැදගත්.

“ආදරෙයි වස්තු” ගීතය වැඩිම පිරිසක් ඩවුන්ලෝඩි කළ ගීතය බවට පත්ව තිබෙනවා නේද?
ඔව්, ඒ ගීතය ඉතාම ජනප්‍රිය වුණා. ගීත ඩවුන්ලෝඩ් කිරීමෙහි සයිට්වල මෑතක වැඩිම පිරිසක් ඩවුන්ලොඩ් කළ ගීතය බවට පත්වෙලා තියෙනවා. වීඩියෝ එකත් ලොකුවට කළේ නැහැ. නමුත් රසිකයන් අතරට ගියා. ඒ ගීතයේ පද රචනය ලසිත ජයනේති මහත්මා සහ සංගීතය ඩිල්ශාන් සිල්වා විසින් සිදු කළා. ඒ දෙදෙනාවත් ආදරෙන් මහත් කරනවා.

වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස?
ඇත්තටම හොඳයි, දක්ෂයන් ඉන්නවා. තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න අය ඉන්නවා. දක්ෂයන් හැමවිටම ඉදිරියට යා යුතුයි. රදාපැවැත්ම හදාගන්න අපි දැනගත යුතුයි. එවැනි දෙයක් මම සංගීත ක්ෂේත්‍රයේ දකින්නෙ.

‘අවසාන ප්‍රේමයයි මාගේ’ ගීතයේ පිළිතුරු ගීතය සම්බන්ධව ඔබේ අදහස?
ඒ සම්බන්ධව කතා කළොත් මාව කිසිම දැනුවත් කිරීමක් නැතුව තමයි ඒ ගීතය වෙනත් කෙනෙක් ලවා ගායනා කළේ. හැබැයි ඒ පිළිතුරු ගීතයයි මගේ මුළු ලෝකයම වෙනස් කළේ. අද මට ලැබිලා තියෙන ජනප්‍රියත්වය, රසික ආදරය මේ සියල්ල ඕනවටත් වඩා
හිමිවුණේ ඒ ගීතය නිසයි. ඒ පිළිතුරු ගීතය මගේ ගීතයත් ජනප්‍රිය කරලා මාවත් ජනප්‍රිය කළා. ඒ නිසා ඒ ගීතය හොරට ගයපු , හොරට විකුණපු සියලු දෙනාට මම ස්තුති කරනවා.

නමුත් එම ගීතයේ පද රචකයා පසුගියදා ප්‍රකාශකර තිබුණා ලක්ෂ හතරහාමරකට ඔබ ඒ ගීතය ගායනා කළේ අයිතිය ඔහු සතු නිසා කියලා?
ඔව්, එම මුදල මට ගෙවුවා, ඒ මගේ වටිනාකමනේ. ඒක ඇත්ත. නමුත් ඒ ගීතය ගායනා කළේ මම. මාව දැනුවත් කිරීමක්වත් නොකර වෙනත් කෙනෙක් ලවා එය ගායනා කිරීම මානුෂීය ගුණාංගයක් නෙමෙයි. මගේ ගීතයේ ජනප්‍රිය අවස්ථාවෙ තමයි ඒ පිළිතුරු ගීතය ඒ අය කළේ. ඒ පිළිතුරු ගීතය නිසයි මම වැඩි වැඩියෙන්ම ජනප්‍රිය වුණේ. මම නම් නවකයන්ට කියන්නෙ මුදල් පස්සෙ හඹා යන්නෙ නැතුව, අනුන්ගේ ගීත විනාශ නොකර තමන්ගෙ දෙයක් හොඳ විදියට කරන්න කියලයි.

සමාජජාලා වෙබ් අඩවි නිසා ඔබ යම් අපහසුතාවයකට පත්ව තිබෙනවා කියලා ආරංචියි?
මුහුණු පොතේ මගේ නමින් ව්‍යාජ ගිණුමි 15ක් තියෙනවා. වෙනත් වෙනත් දුරකථන අංකවලින් වයිබර්, වට්ස්ඇප්, ඉමෝ වැනි දේවල්වලින් මගේ නම භාවිත කරලා මගේ රසිකයන් රවටමින් ඉන්නවා. මුහුණු පොතේ මගේ නමින් එක ගිණුමයි තියෙන්නේ. ඒ
නිසා ව්‍යාජ අයට හසුවෙන්න එපා කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධව නීති මගින් ක්‍රියා කළ හැකියි නේද?
ඒ සම්බන්ධව මම අදාළ ආයතනවලට දැනුවත් කිරීම් කරන්න ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරනවා වගේම නීති මගින් අදාළ පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි දේ කරන අයට කියන්න තියෙන්නෙ ඒවා නතර කරන්න කියලයි.

විරහා වේදනාව ගැන ගයන්න විශේෂ හේතුවක් තිබෙනවාද?
මම විරහව විදලා තියෙනවා, ඒවා හේතු සාධක වුණා මෙතනට එන්න. නමුත් මම හිතනවා මගේ කටහඬ ගැළපෙන්නෙ විරහවට කියලා. මට ගොඩක් පද රචනා ලැබෙන්නෙත්, තනු නිර්මාණ ලැබෙන්නෙත් විරහා ඒවා. නමුත් මට ඕන විදියකට ගයන්න පුළුවන්.

ඔබ සංගීත ක්ෂේතයට පිවිසි ආකාරය බෙහෝ දෙනෙක් දන්නෙ නැහැ. මතක් කරමුද ඒ අතීතය?
මම පාසල් ගියේ හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසලට. ඒ කලේ මම සංගීතය පැත්තට ලොකු නැඹුරුවක් තිබුණා. පසුව මම නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමට බැදුණා. එතන ඉන්න ගමන් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න බැරි නිසා වෙනස් ගමනක් යන්න එතනින් ඉවත් වෙලා කසුන් කල්හාර මහත්මා යටතේ වසර 2ක් සංගීතය හැදෑරුවා. පසුව 2012 වර්ෂයේ මගේ පළමු ගීතය ‘නිදුකින් ඉනු මැන’ එළිදැක්වුවා. ඉන් පසුව ‘පාර කියන තාරුකාවි’, ‘මා නිසා’, ‘අවසාන ප්‍රේමයයි’, ‘ආදරෙයි වස්තු’, ‘ඔබ එක්ක මම ඉන්නවා’ වැනි ගොඩක් ගීත ඉදිරිපත් කරලා තියෙනවා.

ගායන ශිල්පියෙක් වෙනවා කියලා කවදහරි හිතන් හිටියද?
මුල්ම කළේ එහෙම හිතන් හිටියේ නැති වුණට සංගීතයට ලොකු ආසාවක් තිබුණා. පසුව නාවික හමුදාවෙන් ඉවත් වුණෙත් සංගීතයට තියෙන කැමැත්ත නිසයි. ඒ කාලෙ නම් ගායන ශිල්පියෙක් වෙන්නයි කැමැත්ත තිබුණෙ. මුල් කාලයේ ගොඩක් දුක් වින්දා, කැපවීම් කළා, එහෙම ආව ගමනක් තමයි තියෙන්නේ. අද මම යම් තැනක ඉන්නවා.

ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳවත් සඳහන් කළොත්?
හොඳ යමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. රසිකයන්ට අවශ්‍ය දේ දෙමින් හෙමින් ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ගමනෙදි අම්මා, තාත්තා, චමිලා මිස්, රමණි මිස්, නිශාදි මිස්, රාජ්, දිලාන් ගමගේ, ළහිරු මුදලිගේ, චිත්තියා සිං වගේ මගේ ගමනට උදව් කළ හැමෝටම ගොඩක් ස්තුතියි කියන්න මේක මම අවස්ථාවක් කරගන්නවා.

මහේෂ් මලවරආරච්චි


Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close