ක්‍රීඩකයො රෑ එලි වෙනකම් සෝෂල් මිඩීයා ඉන්නේ – ක්‍රීඩා වෛද්‍ය

ක්‍රීඩකයො රෑ එලි වෙනකම් සෝෂල් මිඩීයා ඉන්නේ – ක්‍රීඩා වෛද්‍ය

සංචාරක ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවීමට එක් හේතුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීමද සඳහන්

සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
උදාරිගේ සහ සංගීත්ගේ විවාහය බිඳ වැටෙයි..
පර්පචුවල් සමාගම කෝටි 71ක ලාබ කොමිසමට හංගලා

සංචාරක ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවීමට එක් හේතුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීමද සඳහන් කළ හැකිය. එම නිසා ඒ පිළිබදව විමසීමටත් වත්මන් ක්‍රිකට් තත්ත්වය ගැන අදහස් දැනගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු වන වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සම්බන්ධ කර ගත් විට “මාධ්‍යයට” ට කියා සිටියේ වෛද්‍ය කණ්ඩායම කෙතරම් මහන්සි වී ප්‍රතිකාර කළත් ක්‍රීඩකයන් ඔවුන්ගේ වගකීම තේරුම් නොගෙන කැපවීමෙන් කටයුතු නොකරන බැවින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කටයුතුවලින් ඉවත් වීමට තමන් තීරණය කර ඇති බවයි.

මෙවැනි ප්‍රතිඵලවලට වගකිව යුතු කවුරු හෝ ඉල්ලා අස්නොවන්නේ නම් තමන්ට හෝ ඉල්ලා අස්වීමට සිතෙන බව පැවැසූ මහාචාර්ය අර්ජුන ද සිල්වා ‘විශේෂඥ වෛද්‍ය හරීඳු විජේසිංහත් මමත් ඇතුළු හතර දෙනෙක් ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ කටයුතු කරනවා. පෞද්ගලිකව ගත්තොත් අවුරුදු 2කට වැඩි කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කරනවා. අපි මොනතරම් මහන්සි වෙලත් හරි ප්‍රතිඵලයක් නැත්නම් දමල ගහල යන්න හිතෙනවා. ක්‍රිකට් බලාගන්න මෙච්චර තොගයක් වෙනද කවදාවත් ඉඳලා නැහැ. රට රටවලින් හොඳ කට්ටිය ගෙන්වලා තියෙනවා. හැම්ස්ටි්‍රං තමයි අපේ ක්‍රීඩකයන්ට තිබෙන ලොකුම ආබාධය. හරියට ව්‍යායාම කරලා ඒක හදාගන්න ඕන. 96 වගේ කාලේ මේ වගේ මෙඩිකල් ටීම් එක හිටියෙත් නැහැ. මෙතරම් ආබාධ තිබුණෙත් නැහැ” යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පෙරට වඩා හොඳ භෞතචිකිත්සකවරයකු දැන් සිටින බවද කී මහාචාර්යවරයා ‘ඔහු ඇවිල්ලා මාස 6ක කාලයක් විතර වෙනවා. ඊට කලින් අවුරුදු 5ක් පමණ භෞතචිකිත්සකවරයා විදියට හිටපු ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ගෙන් ශත පහක වැඩක් වුණේ නැහැ. ඒ අවුරුදු පහේ අන්තිම කාලේ තමයි ආබාධ වැඩි වුණේ. ක්‍රීඩකයන්ගේ මේ හැම්ස්ටි්‍රං ආබාධ පුහුණු කරලා හදාගන්න ඕන. ශාරීරික ව්‍යායාම අතින් පුහුණුව අඩු නිසාම අපේ ෆීල්ඩිං අන්තිමයි. ෆීල්ඩිං කෝච් මෙතරම් කල් හිටියා මාධ්‍යයෙන් ඔහුට කිසිම ‍ෙදාසක් නැහැ. හේතුව ඔහු සුද්දෙක් නිසා වෙන්න ඇති. ඔහු ලංකාවෙ කෙනෙක් නම් මෙලහකට හම ගහලා” යැයිද කීය.

නමුත් පන්දු රැකීමේ පුහුණුකරුවා (ෆීල්ඩිං කෝච්) එසේ අසාර්ථක වුවද ඔහුට ප්‍රධාන පුහුණුකරු ලෙස උසස්වීමක්ද ලබා තිබේ යැයි පැවැසූ අදහසට සිනාසෙමින් ප්‍රතිචාර දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සාමාජික අර්ජුන ද සිල්වා මහතා, ‘එයා ෆීල්ඩිං කෝච් කාලේ කැචස් 50ක් විතර අපේ ක්‍රීඩකයෝ මිස් කරලා තියෙනවා. දැන් හරි හෙඩ් කෝච් කෙනෙක් නැති එකත් ප්‍රශ්නයක්. ක්‍රීඩකයෝ තමන්ගේ ෆිට්නස් ගැන දක්වන උනන්දුව අඩුයි. අපේ ගොල්ලො තනිකර තමුන්ගේ ඇඟ තමුන් බලා ගන්න ඕන. බලන්නකෝ තාම සනත් ජයසූරිය උදේ 6ට නැඟිටලා ට්‍රේනිං කරනවා. සංගක්කාර මැච් එකකට පසුව වුණත් තනියම ගිහින් බෝල් මැෂින් එකේ පුහුණු වෙනවා. සියයට සීයක් කැපවෙලා තමන්ගේ වෘත්තිය කරනවා නම් හරි. හැකියාව තිබුණට මදි කැපවීමත් තියෙන්න ඕන. මම දැනුත් මේ පොතක් කියවමින් ඉන්නේ. හරි පුහුණුව ලබලා හරි ආහාර අරගෙන. නිසි පරිදි පැය 6ක්වත් නිදා ගන්න ඕන. නැතිව රෑ මැදියම් වනතුරු සෝෂල් මීඩියා එකත් එක්ක ඉඳලා පහුවදා ක්‍රිකට් ගහන්න බැහැ. කැච් එකක් මිස් වුණොත් හිනා වෙන්නේ ඇයි? එහෙම හිනාවෙන්න බැහැ අඬන්න ඕන. බොරුවට හරි අඬන්න ඕන. කැච් එකක් මිස් කරලා මැච් එකක් පරද්දන එක ලෙහෙසියට ගන්න බැහැනේ. බලන අයට අප්සෙට්. ඒත් සමහරු කැච් එකක් මිස් කරලා හිනාවෙනවා” යනුවෙන්ද පැවැසීය.

තවද එස්. එස්. සී. ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන්නකු ලෙස නුවන් ප්‍රදීප් පමණක් යොදා ගැනීම වෛද්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ‘එහෙම නොකළා නම් නුවන් ප්‍රදීප්ගේ ආබාධය වළක්වා ගන්න තිබුණා. ඕනෑම කෙනෙක් දවසක්ම බෝල් කරාම එහෙම වෙනවා නේ. අපි රංගනව නවත්වා ගත්තේ ඒ නිසයි. මේවා ගැන බලනකොට ක්‍රිකට් බලන එකත් ඒකට වැඩ කරන එකත් දැන් එපා වෙලා” යැයිද කීය.

අප සටහන : මහාචාර්ය අර්ජුන් යනු ලොව ශරීර සුවතාවය පිළිබදව හොදම වෛද්‍ය විශේෂ වෛදවරයෙක් වන අතර එතුමාට වත්මන් කණ්ඩායම එපා වීමට තරම් ක්‍රීඩකයන්ගේ හැසීරීම සො‍ය බැලිය යුතුය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close