කවුඩුල්ල වන අලි නැරඹීමට පැමිණි ගුවන් යානය ගැන පරීක්‍ෂණ

කවුඩුල්ල වන අලි නැරඹීමට පැමිණි ගුවන් යානය ගැන පරීක්‍ෂණ

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් පීඩාවට පත්වන අන්දමට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව ඉකුත් සිකුරාදා (13 දා) පස්‌වරුවේ වන

නෝර්වුඩ් ඇඟලුම්හලට ආව භූතයාගේ ඇත්ත මෙන්න
රැන්සම්වෙයාර් වෛරසයෙන් ස්මාර්ට් දුරකථනවලට බලපෑම් – ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!
රවි කරුණානායකගේ සිය දිවි නසා ගැනීමක් වන බව ජනපති කියයි..

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් පීඩාවට පත්වන අන්දමට කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව ඉකුත් සිකුරාදා (13 දා) පස්‌වරුවේ වන අලි නැරඹීමට පැමිණි බව කියන හෙලිකොප්ටර් යානය පිළිබඳව සෙවීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කොට ඇතැයි පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඩී. එම්. ඡේ. වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම හෙලිකොප්ටර් යානය මීට පෙරද අවස්‌ථා කීපයක්‌ම කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ ඉතාමත්ම පහතින් පියාසර කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මේ හේතුවෙන් වන උයන තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන් දැඩි පීඩාවකට ලක්‌වන බවද හෙතෙම කීය.

ඉකුත් සිකුරාදා (13 දා) සවස මේ අන්දමට අලි රංචු නැරඹීම සඳහා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ විශාල අලි රංචු ගැවසෙන ස්‌ථානයන්හි හෙලිකොප්ටර් පියාසර කිරීම නිසා අලි 300 කට අධික සංඛ්‍යාවක්‌ කලබලයට පත්ව ඒ මේ අත දිවගිය බව සෆාරි ජීප් රථ රියෑදුරෝ කියා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඩබ්ලිව්. ජී. කේ. හේරත් මහතා විසින් සිවිල් හා ගුවන් සේවා අධිකාරියටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්‌ගොඩ කඳවුරටත් පැමිණිලිකොට ඇත.

මෙම හෙලිකොප්ටර් යානය මාසයකට පමණ වතාවක්‌ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළට මෙසේ පැමිණෙන බවත්, මේ හේතුවෙන් අලි ඇතුන් ඇතුළු වන සතුන් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ද දැඩි පීඩාවකට, අපහසුතාවකට පත්වන බවද උද්‍යාන භාරකරු හේරත් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close