උසේන් බෝල්ට් හැඟුම්බරව මලල ක්‍රීඩාවෙන් සමුගනී

උසේන් බෝල්ට් හැඟුම්බරව මලල ක්‍රීඩාවෙන් සමුගනී

උසේන් බෝල්ට් සමුගත් අවස්ථාවේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී ඔහුට මල්වෙඩි සන්දර්ශනයකින් සංග්‍රහ කරන්නට සංවිධායකයන් කටයුතු කළ අතර ඔහුගේ අවසන් රැඟුමද දැ

පරණ වැරදි අමතක කරල ධනාත්මකව තරග වදිනවා – ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
අපේ දැනුමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩක් කිරීමට සූදානම් – අරවින්ද ද සිල්වා

උසේන් බෝල්ට් සමුගත් අවස්ථාවේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී ඔහුට මල්වෙඩි සන්දර්ශනයකින් සංග්‍රහ කරන්නට සංවිධායකයන් කටයුතු කළ අතර ඔහුගේ අවසන් රැඟුමද දැක්වූයේ කඳුළු පිරි දෙනෙතිනි.

පසුගිය සති අන්තයේ ලන්ඩන් නුවරදී නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වට සහභාගි වූ උසේන් බෝල්ට් ඇතුළු කණ්ඩායමට ස්ථානයක් අහිමි වූ අතර එම තරගය උසේන් බෝල්ට්ගේ අවසාන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග ඉසව්ව ලෙසද ඉතිහාසගත විය.

පාදයේ ආබාධයක් හේතුවෙන් ධාවන පථය මත ඇදවැටීම නිසා උසේන් බෝල්ට්ට තම අවසන් මලල ක්‍රීඩා තරගයෙන් ජයග්‍රහණයක් ලබා ගන්නට නොහැකි වුවද උසේන් බෝල්ට් යනු මීටර් 100, 200 සහ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වලට සහභාගි වෙමින් නොකඩවා ඔලිම්පික් උළෙල තුනකදී රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මලල ක්‍රීඩකයාද වේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close