උපුල් තරංග නැවතත් කණ්ඩායමට එක්වෙයි

උපුල් තරංග නැවතත් කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(03) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක

ඇය තවත් කෙනෙකුට ළං වෙනවා දරාගන්න බැරිවුණා, මගේ දෛවය එයට හරස් වුණා – රන්ජන් රාමනායක ආදරය ගැන හෙළි කරයි
අඹ කියන්නේ මාරම ගෙඩියක් ඕයි !!!
පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි කියා ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට යයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(03) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරමක පොද වැස්සක් ඇදහැළීම හේතුවෙන් තරග ආරම්භය පැයකට ආසන්න කාළයක් ප්‍රමාද වුවද තරගයේ යැවිය යුතු ඕවර සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවීය.

තරග දෙකක තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග නැවතත් කණ්ඩායම සමගින් එක්වීමත් සමගින් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවකුවූ කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය.

ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර ඇති අතර ලෝකේෂ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, ඇක්සා පටෙල් සහ ශීකරු ධාවන් විවේක ගන්වා අජින්ක්‍යා රහනේ, බුවනේෂ්වර් කුමාර්, යුස්වේන්ද්‍ර චහල් සහ කේදර් ජාදව් කණ්ඩායමට කැඳවූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම
උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, ළහිරු තිරිමාන්, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, මාලින්ද පුෂ්පකුමාර, විශ්ව ප්‍රනාන්දු, ලසිත් මාලිංග.

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලී (නායක), රෝහීත් ශර්මා, අජින්ක්‍යා රහනේ, මනීෂ් පාන්ඬේ, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනී, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රීට් බුම්රා, ශර්දුල් ඨාකූර්.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close