උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?

උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?

සංඛ දිනෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි ඔහු ඉන්දියානු ගායකයෙක් එක්ක එකතු වෙලා සිංහල හා හින්දි ගීත කණ්ඩ එකතු කරලා අලුත් ගීතයක් කරපු එක. ඉදිරියේදී මේ ඉන්දීය

ඉරාජ්ගේ කලින් වැඩත් එක්ක මුලදී මට ටිකක් බය හිතුණා – සඳනි
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක් වී ආණ්ඩුව කිරීමේ සූදානමක්
වටේ ඉන්න උපදේශකයන් නිසා මටත් වැරදුනා. මෛත්‍රීටත් වැරදුනා

සංඛ දිනෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි ඔහු ඉන්දියානු ගායකයෙක් එක්ක එකතු වෙලා සිංහල හා හින්දි ගීත කණ්ඩ එකතු කරලා අලුත් ගීතයක් කරපු එක. ඉදිරියේදී මේ ඉන්දීය ගායකයා සමග අපේ ශිල්පීනුත් එකතු කරගෙන දැවැන්ත ප්‍රසංගයක් කරන්නත් සංඛ සූදානම් වෙනවා.

මොකක්ද සංඛ කරපු මේ අලුත් වැඩේ?
ජනප්‍රිය ගායක උදිත් නාරායන්ගේ පුතා ආදිත්‍ය නාරායන් එක්ක මම ගීතයක් කළා. හින්දි ගීත ඛණ්ඩ වගේම සිංහල ගීතවල ඛණ්ඩත් එකතු කරලයි මේ ගීතය කළේ.

ආදිත්‍ය සිංහල ගීත ඛණ්ඩ ගායනයට එකතු වුණාද?
ඔව්. ගීතය අහපු හැමෝම පුදුම වුණා. ආදිත්‍ය සිංහල උච්චාරණය කරන විදිය දැක්කාම.

කොහොමද මේ අවස්ථාව සංඛට ලැබුණේ?
සෝනු නිගම් තමයි ආදිත්‍යට මං ගැන කියලා තියෙන්නේ. පවත්වන්නට නියමිත ප්‍රසංගයක මාධ්‍ය හමුවට පහුගිය දා ඔහු ලංකාවට ආවා. ඒ අවස්ථාවේ තමයි මේ නිර්මාණය කළේ.

ඒ ගීතය රසිකයන්ට අහන්න ලැබෙනවාද?
ඔව්. මේ වන විට එය ගුවන් විදුලි නාලිකාවලට භාරදීලා තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාලයේ ටියුබ් හරහාත් එය අසන්නට පුළුවන්.

ආදිත්‍ය හා ඔබ එකතු වෙලා ප්‍රසංගයක් කරන්නද හදන්නේ?
ආදිත්‍ය නාරායන් ලයිව් ඉන් ශ්‍රී ලංකා නමින් ප්‍රසංගයක් ඉදිරියේදී ඔහු විසින් කරනවා. මේ ප්‍රසංගයට මමයි, උමාරියා, සනුක, දුෂ්‍යන්ත් වීරමන්, පියත් රාජපක්ෂ, භාතිය-සන්තුෂ් ගී ගයනවා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close