ඉරාජ්ගේ කලින් වැඩත් එක්ක මුලදී මට ටිකක් බය හිතුණා – සඳනි

ඉරාජ්ගේ කලින් වැඩත් එක්ක මුලදී මට ටිකක් බය හිතුණා – සඳනි

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන හාරකෝටිය ටෙලිනාට්‍යය ජනප්‍රියත්වයට එහි රඟපාන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් ලැබෙන දායකත්වය අමතක කළ නොහැකිය. හ

එක්කෝ Kiss කරන්න නැත්තන් අඩ නිරුවත් වෙන්න කියනවා
ජීවිත රැසක් තම ජීවිත පරිත්‍යාගයෙන් බේරු නිලමේ මල්ලිගේ කථාව
සනුක මවිත කල පින්සරගේ හැකියාව (VIDEO)

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන හාරකෝටිය ටෙලිනාට්‍යය ජනප්‍රියත්වයට එහි රඟපාන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් ලැබෙන දායකත්වය අමතක කළ නොහැකිය. හාරකෝටිය ටෙලි නාට්‍යයෙහි රශ්මිගේ චරිතය නිරූපනය කරන සඳනි ප්‍රනාන්දු ද ඒ අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පිනියකි. ශලනි තාරකා අතින් රචනා වූ නවතම ගීත වීඩියෝවේ රංගනයෙන්ද ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනා සිටී.

සඳනිට හාරකෝටියේ රශ්මි වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද කියලා මතක් කරමින් මේ කතාබහ අරඹමු?
මම 2016 අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තාට පසුවයි. ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා මාව හඳුනාගත්තේ. ඒ හඳුනා ගැනීමත් එක්කම චාමර සමරවික්‍රමගේ මග පෙන්වීම යටතේ තමයි හාරකෝටියේ රශ්මි වෙන්න මට අවස්ථාව ලැබුණේ.

සැබෑ ජීවිතයේදීත් සඳනි, රශ්මි වගේ චරිතයක්ද?
සඳනිත් රශ්මි වගේම යාළුවන්ට හොඳ යාළුවෙක්. රශ්මි ගොඩක් අහිංසකයි. හැබැයි සැබෑ ජීවිතයේදී මම ඒතරම් අහිංසක නැහැ.

ශලනි තාරකා ලියපු ගීතයක් නිසාත් සඳනි ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වෙනවා?
ඔව්. ඒ ගීතය මේ දවස්වල බොහෝ දෙනා ආදරයෙන් වැලඳගත්ත ගීතයක්. ඒ ගීතයේ රූප රචනයට දායක වෙන්න ලැබිම ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ රංගනයෙන් ඒ ගීතයට මම උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මට හිතෙනවා. මොකද ඒ ගීතයට මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා.

නමුත් ඉරාජ්ගේ සාවි කියන මියුසික් වීඩියෝව නිසා ඔබට බැනුම් අහන්නත් වුණා නේද?
ගොඩාක් අය ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. ඒත් වීඩියෝ එක ආවාට පස්සේ බොහෝදෙනා නොහිතපු වෙනසක් තමයි වීඩියෝ එකේ තිබුණේ. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසාගෙන හිටියා. මොකද ඒක රිලීස් වුණාට පස්සේ ඒ නරක ප්‍රතිචාර නතරවෙයි කියන විශ්වාසය මා තුළ තිබුණා.

පසුගිය දිනවල ඉරාජ්ගේ මියුසික් වීඩියෝවලට දිගින් දිගටම විවිධ විවේචන එල්ල වුණා. ක්‍ෂේත්‍රයේ තමන් හැදීගෙන එන රංගන ශිල්පිනියක් විදිහට ඔහුගේ මියුසික් වීඩියෝවකට කළ ආරාධනාව බාරගන්න බය හිතුණේ නැද්ද?
ඔහුගේ කලින් වැඩත් එක්ක බලනකොට මුලදී නම් මට ටිකක් බය හිතුණා. ඒ නිසා මම ඇහුවා මොකක්ද මේ වීඩියෝවෙන් කියැවෙන කතාව කියලා. කතාව ඇහුවාම මට තේරුණා ඒක කළින් කරපු මියුසික් වීඩියෝවලට වඩා වෙනස් නිර්මාණයක් කියලා. ඒ නිසයි මම ඒ ආරාධනාව බාරගත්තේ.

සඳනි ඇත්තටම ජනප්‍රිය වෙන්නේ ශලනිගේ මියුසික් වීඩියෝව නිසාද? නැත්නම් හාරකෝටියේ රශ්මි නිසාද?
මම හිතන්නේ මට හැමදේම ලැබෙන්න පටන් ගත්තේ හාරකෝටියේ රශ්මි නිසා කියලයි. ඒ චරිතය වෙනුවෙන් ලැබුණු හොඳ ප්‍රතිචාර නිසාමයි ඔය කියන මියුසික් වීඩියෝවටත් මට ආරාධනා ලැබුණේ.

සඳනිගේ පෞද්ගලික තොරතුරු ගැනත් කතාකරමුද?
මමයි, අම්මයි, තාත්තයි තමයි අපේ පවු‍ලේ ඉන්නේ. මම කැමැති හැමදේටම මගේ දෙමවුපියෝ ඉඩ දෙනවා. හැබැයි මම යන හැම වැඩකටම අම්මා මාත් එක්ක එනවා. සමහර වෙලාවට මම බැහැ කියපු වැඩවලට පවා අම්මා මාව උනන්දු කරලා යවලා තියෙනවා. මම මේ දිනවල උසස් පෙළ ප්‍රතිඵල එනතුරුයි බලාගෙන ඉන්නේ. ඒත් එක්කම කළමනාකරණය පිළිබඳව උපාධියකට යොමුවෙන්න බලා‍පොරොත්තුවකුත් තියෙනවා. ඒ අතරතුර හොඳ නිර්මාණවලට විතරක් දායක වෙන්නයි හිතාගෙන ඉන්නේ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close