ඇමැති රවි හෙට බැඳුම්කර කොමිසමට

ඇමැති රවි හෙට බැඳුම්කර කොමිසමට

වර්තමාන විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඒ මහතා හෙට (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ ‘බිච් පාටි’ කල්ලියේ ඇමැති ‍ලේකම්වරයකුත්
දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ CIDයට
සන්සුන් වන්න සංගක්කාර ක්‍රීඩාලෝලීන්ට ආයාචනා කරයි

වර්තමාන විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඒ මහතා හෙට (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ අනුව හෙට උදේ 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කරුණානායක මහතාට දන්වන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා රවි කරුණානායක මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට ඉකුත් ජුලි 26 දා දැනුම් දුන්නේය.

මීට පෙර දෙවතාවක්‌ම රවි කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවා තිබුණත් ජුලි 25 දා කැබිනට්‌ රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත්, 26 වැනිදා ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි වීමට ඇති නිසාත් කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥවරු දැනුම් දුන්හ.

අගෝස්‌තු 02 වැනිදා (හෙට) රවි කරුණානායක මහතාට කොමිසමට පැමිණීමට හැකි බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් දැන්වූ අතර ඊට කොමිසමේ අවසරය ලැබිණි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close