ඇඟ පෙන්නන්න ඕනේමද? කෙනෙක්ට ඉස්සරහට යන්න

ඇඟ පෙන්නන්න ඕනේමද? කෙනෙක්ට ඉස්සරහට යන්න

ඇය හංසි. නමුත් ක්ෂේත්‍රයේ අය ඇයව හඳුන්වන්නේ හිරූ කියලා. හිරූ දැනට කලා ක්ෂේත්‍ර ගණනාවකම නිරත වෙනවා. ඔයා ගැන ටිකක් විස්තර කියමු? මම නම් හංසි පෙරේරා.

පුංචි තැනක ඉඳන් පටත් මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් – රවීන්
විසදුම් ලැබෙන තුරු දුම්රිය රියැදුරන් වර්ජනයේ – UPDATE
මාදුළුවාවෙ හාමුදුරුවන්ගෙ දේහයට අත තියලා දිවුරපු මෛත්‍රිද මේ – මහින්ද අසයි

ඇය හංසි. නමුත් ක්ෂේත්‍රයේ අය ඇයව හඳුන්වන්නේ හිරූ කියලා. හිරූ දැනට කලා ක්ෂේත්‍ර ගණනාවකම නිරත වෙනවා.

ඔයා ගැන ටිකක් විස්තර කියමු?
මම නම් හංසි පෙරේරා. ඒත් ගොඩක් අය මාව දන්නේ හිරූ කියලා. දැනට අවුරුදු හතරක ඉඳලා මම බියුට්‍රීෂියන් කෙනෙක්. මම බියුට්‍රීෂියන් ඉගෙන ගත්තේ මැලේසියාවෙදියි. ඒ වගෙම මම මොඩ්ලින් කරන්න පටන් ගත්තෙත් මැලේසියාවෙදිමටි. මුලින්ම කරේ පැජන්ට් එකක්. ඊට පස්සේ තමයි මොඩ්ලින් පටන් ගත්තේ. මේ දවස්වල මොඩ්ලින් කරනවා. බියුට්‍රීෂියන් වැඩත් කරනවා. ඇක්ටින් වැඩත් කරනවා.

මැලේසියාවේ ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මම මුලින්ම මෙහෙ ඉගෙන ගත්තේ ග්‍රැෆික් ඩිසයිනින්.මැලේසියාවේ ගියේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට.ඒත් එහෙ ප්‍රශ්න තිබ්බ නිසා වැඩිය වැඩ කරන්න හම්බුනේ නැහැ. සතියක් දෙකක් වගේ තමයි වැඩ කරේ. ඊටපස්සේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මට සැලෝන් එකක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ මැඩම් කිව්වා සැලෝන් කෝස් එකක් කරන්න කියලා. ඊට පස්සේ මම එතන අවුරුද්දක් ඉගෙන ගත්තා. අවුරුද්දක් එතන වැඩ කළා. ඒ මැඩම් පැජන්ට්වල මේකප් කරන්න යනවා. ඉතින් ඒ මැඩම් කිව්වා ඔයත් මේවට යන්න, ශ්‍රී ලංකන් වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මටත් ආසාවක් හිතුනා. ඊටපස්සේ එහෙ පැජන්ට්වලට ගියා. එහෙ මොඩ්ලින් කරා. ඊට පස්සේ අවුරුදු 02කට පස්සේ ලංකාවට ආවා.

එතකොට මෙහෙ මොඩ්ලින්වලට සම්බන්ධ වුණේ කොහොමද?
එහෙ තියෙනවා නැචුරල් ක්වීන්, මිස් ස්පයිසි ක්වීන් වගේ පැජන්ට්. ඒවාට ගියා.ඊට පස්සේ ඒ මැඩම් මගේ ෆොටෝ ෂූට් කරා. හින්දි,දෙමළ වගේ ඇඳලා.ඒ ෆොටෝස් fb ඒකෙන් දැකලා තමයි කට්ටිය ඇහුවා. ඊට පස්සේ ඉතින් මෙහෙට ඇවිත් ඒකම කන්ටිනිව් කරා.

ලංකාවේදි දායක වුණු වැඩ මොනවද කියලා කියමුද?
දැකට මියුසික් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. තාම ඒ දෙක ආවේ නම් නැහැ. මොකද මට ඇක්සිඩන්ට් එකක් වුණු නිසා ඒක ටිකක් නැවතුණා.මම NVQ ලෙවල් 04 කරා ලංකාවේදි. ඒවා නිසා ටික කාලයක් නැවතිලා තිබුණා. ඒ වැඩ. ඊට පස්සේ දැන් තමයි ආයෙත් වැඩ පටන් ගත්තේ.

ලුත් අය ක්ෂේත්‍රයට එනවා. මේ දේවල් එක්ක අභියෝගයක් නැද්ද දැන් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි?
තියෙනවා තියෙනවා,ගොඩක් අය ෆොටෝ ෂූට් එකක් කිව්වම අඳින ඇඳුම් ගැන කියනවා. මමත් කොටට අඳිනවා. හැබැයි මගේ ලිමිට් එකක් තියෙනවා. මම හදා ගත්තු දෙයක් තියෙනවා. ඒවට එකඟයි නම් මම වැඩ බාරගන්නවා.

හොට් ෂූට් එකක් කරාම ඉස්සරහට යන්න පුළුවන්ද. නැත්නම් වෙන දෙයක් තියෙනවද?
ඇත්තටම ඊට වඩා දෙයක් තියෙනවා. මටත් කියනවා ඔයත් හොට් ෂූට් එකක් කරන්න. එතකොට ඉස්සරහට යන්න පුළුවන් කියලා. එතකොට මම අහන්නේ හොට් ෂූට් එකක් කරන්නම ඕනේද කෙනෙක්ට ඉස්සරහට යන්න. අපිට ලස්සන ගවුමක් ඇඳලා රෙද්ද හැට්ටයක් ඇඳලා කරන්න බැරිද කියලා. මමත් කවද හරි ඇඟ පෙන්නන්නේ නැතුව හොඳ මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා එහෙම කියපු අයට මම කියලා තියෙනවා.

අද නිරූපණ ක්ෂේත්‍රය විනාශ වෙලා තියෙනවා කියලා නවකයන්ට ප්‍රවීණයෝ චෝදනා කරනවා. ඔය කියන දේ නිසා. ඇත්තද මේ කතාව
ඔව්. ඒකේ ලොකු ඇත්තක් තියෙනවා. ගර්ල්ස්ලා ගොඩක් ඉන්නවා දැන් මොඩ්ලස්ලා කියාගෙන. කවුරුහරි අහපු ගමන් මම මොඩ්ල් කරනවා කියනවා. එක ෆොටෝ ෂූට් එකෙන්ම මම ලස්සනයි මම මොඩ්ලර් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. එයාලා මොඩ්ලින් කියන වචනේ තේරුම දන්නේත් නැහැ. ඇත්තටම ලස්සන විතරක් මදි. දක්ෂතාව තියෙන්නත් ඕනේ.

මොඩ්ලින් කරන්න ඉගෙන ගන්න ඕනේද?
ඔව්. හැමදේම ඉගෙනගන්න ඕනේනේ. මමත් තාම ඉගෙන ගන්නවා. ඇවිදින්නේ කොහොමද?, හරියට කරන්නේ කොහොමද ඒ වගේ දේවල්. සමහර අය ඉන්නවා ෆොටෝ ෂූට් එකකට ගියාම ෆොටෝග්‍රැෆර් මෙහෙම ඉන්න කිව්වම එතනම ඉන්න අය. මේ දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. එහෙම වුණාම හොඳ පැවැත්මක් තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය අද හොඳද? ගැලපෙනවද?
මෙහෙමයි. එක එක්කෙනා කරන දේවල්වලින් තමයි ඒක තීරණය වෙන්නේ. හැමදේ ගැනම හොයලා වැඩ කරන්න ඕනේ.එකපාරටම අහපු ගමන් OK එක දුන්නොත් ඒක එතනින්ම ඉවරයි. හැමදේම ගැන හොඳට හොයලා බලල කරනවානම් ඉස්සරහට යන්න පුළුවන්. මේ ක්ෂේත්‍රය ඇත්තටම හොඳයි.

ඔයාට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
මම ට්‍රැවල් කම්පැනියක කලින් වැඩ කළේ.ඇත්තටම මම එතනින් අයින් වුණෙත් මේක හරියට කරන්න ඕන නිසා. මම මේක කරන්නේ ආසාවට.මුදල් හම්බකිරීම මගේ පරමාර්ථයක් නෙවෙයි. ගෙදරින් කියන්නෙත් කරන දේ හරියට කරන්න කියලයි.එයාලා මට උදවු කරනවා. මම කොටට ඇන්ද කියලවත් එයාල බනින්නේ නැහැ.

ඉදිරි බලාපොරොත්තු ගැන කිවුවොත්?
මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ.ෆි ල්ම් එකක ඇක්ට් කරන්නත් ආසයි. ඒ එක්කම බියුටීෂියන් වැඩත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close