ඇඟිලි සළකුනෙන් මතුවුණු හාරකෝටි මංකොල්ලය…

ඇඟිලි සළකුනෙන් මතුවුණු හාරකෝටි මංකොල්ලය…

අපේ රටේ පමණක් නොවෙයි රහස් සොයාගන්න, ලොව පුරා මිනිසුන් ගන්නා උත්සාහයේ තරම Gossip සයිට් වල ජනප්‍රියත්වයෙන්ම තහවුරු වෙයි. පියදාස සිරිසේන වැනි නවකථාකරුවන්

‘‘මාව අත්අඩංගුවට ගන්න එපා” දළ පූට්ටුවාගේ දළ ඩීල් සිදුවූ පන්සලේ විහාරාධිපති කියයි
ඩයලොග් 20 දින ගත් ඇමතුම් සහ SMS සියල්ල නොමිලේ
රවීන්ගේ හා නයනතාරාගේ දෙවෙනි දවසේ පින්තූර මෙන්න..!

අපේ රටේ පමණක් නොවෙයි රහස් සොයාගන්න, ලොව පුරා මිනිසුන් ගන්නා උත්සාහයේ තරම Gossip සයිට් වල ජනප්‍රියත්වයෙන්ම තහවුරු වෙයි. පියදාස සිරිසේන වැනි නවකථාකරුවන් ඩිංගිරි මැනිකා, වළව්වක පලහිලව්ව, විමලතිස්ස හමුදුරුවන්ගෙ මුදල් පෙට්ටිය, මහේශ්වරී, ඩෙබර කෙල්ල වැනි රහස් පරීක්ෂක කථාවලින් සහ පසුව ඩීමන් ආනන්ද වැන්නවුන් මතුකළ නිර්මාණ හරහාද, රහස් පරීක්ෂක කථා උන අපිට වැල්දුනා විය හැකිය. එතනිනුදු නොනවතින අපේ රහස් පරීක්ෂක කථා උනන්දුව සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ “ෂර්ලොක් හෝමස්” පිළිබද තොරතුරු සොයා යාම දක්වාද දරුණු විය. හේමන්ත රන්දුණු වැනි පුවත්පත් කලාවේදීන්ද ජනප්‍රිය වෙන්නේ ඒ රටාව අනුවය.

කුතුහලය යන පුද්ගල මනෝභාවයේ ඇති ප්‍රබලත්වය අවබෝධ කරගත් සද්ධා මංගල සූරියබණ්ඩාර ස්වර්ණවාහිනියට නිර්මාණය කරඇති “හාර කෝටිය” ගැන කතාවට මුලපුරන්නට හිතුනේ එහි ඇති නිර්මාණමය ලක්ෂණ දුටු නිසාය. සද්ධා යනු නාමල් සූරියබණ්ඩාර සමග ආන්දෝලනාතමක “ඇගිලි සළකුණ” ජාතික රූපවාහිනියට මුලින්ම නිර්මාණය කළ නිෂ්පාදකයාය. ඇගිලි සළකුණ තනිකරම පොලිස් පොත සමග සිදුවුනු ගනුදෙනුවකි. එහි සියලු අද්දැකීම් සද්ධා, අලංකාර ලෙස “හාරකෝටියට” නගා ඇත.

මා දකින මෙහි ප්‍රදාන තේමාව මුදල් තන්හාව සහ ආදරයයි. ඒ සදහා ඔහු නිර්මාණයකට අවශ්‍ය සත්‍ය සහ කල්පිතය ඉතා රසවත් ලෙස එකට කලතමින් ප්‍රේක්ෂක ඇස් වල අදුන් ගල්වයි. ඒ සදහා රංජි වැනි සිනා කාරයන්ද, සිරිලක් පොලොවේ කොදෙව් ජීවිත ගෙවන නොපෙනෙන මිනිසුන්ගේ ජීවිතයද, අපිට ජරා දේශපාලනය නිසා මුණ නොගැසෙන නියම පොලිස් කාරයන් සහ ඔවුන්ගේ අවංක හදවතද අපිට නිරාවරණය කරයි.

ඒ සදහා දක්ෂ කැමරාකෝණද ඉදහිට යොදාගනිමින් අපේ ඇස් බන්ධනය කරයි.

ඒ ඒ චරිත විවරණය කරන්නට මේ ඉඩ ප්‍රමාණවත්‍ නොවන නමුත් එය නොලියා බැරි තරමට විශිෂ්ටය.

“යුද්ධයේදී එක්කො මියයයි, නැත්නම් ජීවත් වෙයි. ඒත් ප්‍රේමවන්තයෙක් වූ විට ඔබට මැරි මැරි ජීවත්වෙන්න සිදුවෙයි.”
නාසිවාදියෙකු ලෙස ලොවම හැදින්වූ හිට්ලර් කියූ ඒ ප්‍රේමකථාව සුරාජ් නිරූපණය කරන නැපෝලියන්ගෙන් නිරූපණය වන අයුරුද චමත්කාරජනකය.
ඔහු මැරයෙකු වුවද ප්‍රේමය ඔහු අසරණ කරයි. ඇගිලි සළකුණේ පොලිස් යාලුවන්ගේ දුක සහ කරුම ජීවිත අද්දැකීම් මෙන්ම කාකි ඇදුමට යටින් දිවෙන මනුස්සකමද සද්ධාගේ තිරපිටපත ආකර්ෂණය කරයි.

තෙළිගු සහ මලයාලම් චිත්‍රපට තුළ දිවෙන කතාවේ බලවන්ත කම සහ හිතාමතාම කථාව සැගවීමේ ප්‍රයෝගය ඉතා හොදින් මෙහිදී අත් හදා බලන්නටද ඔහු පසු බට නොවෙයි. එමෙන්ම එයට අවශ්‍ය රිද්මය රදවා ගැනීමට අලංකාර පසුතල, සහ හැකි සෑමවිටම දෙබස් තුළ ආකර්ෂණයද රදවාගන්නා ඔහු, නොදැනීම තම නිර්මාණයට ප්‍රේක්ෂකයන් ඇබ්බැහි කරවයි. මෙහිදී මා සාරංගගේ දුටු විශිෂ්ටතම රංගනය දකිනා බවත් කිව යුතුමය.

එමෙන්ම මහේන් පෙරේරා ආගමනයද මෙම නිර්මාණයට සාදාරණය කර ඇති බව පෙනේ. එමෙන්ම මෙහි ජනප්‍රියත්වය නිසාම Live @ 8 නැරබූ පිරිසට වඩා Live @ 7 සදහා නරබන්නන් එකතු කර ඇත. මහේන් කැපී පෙනෙන්නේ මෙතනදීය. එකම ටෙලිනාට්‍යක් එකම දවසේ දෙපැයක් ඇතුලත දෙවතාවක් පෙන්වීම අනුවණ කමක් සේ කෙනෙකුට පෙනුනද කෙටිකාලීන ඒ උත්සාහය රේටිංවලට අනුව සාර්ථක වී ඇත්තේ ස්වර්ණවාහිනිය ගොඩ ගැනීමේ මෙහෙයුම සාර්ථක වන ලකුණු පෙන්වමිනි. මහේන් යනු අවදානම් ගනිමින් සාර්ථක වූ මිනිසෙකි. මාද්‍ය කරලියේ අලෙවිය ඉලක්කකරනට ඔහු දක්ෂයෙකි. ඒත් එයම වර්තමානයට ගැලපේ දැයි නැවතත් සිතිය යුතු වුවත් ඔහුගේ ආගමනය වියලුන ස්වර්ණවාහිනි පොලවට ගං වතුරක් බවත් මෙහිදීම ලියා තැබීමට වටී.

අලුතින්ම රූපවාහිනී තිරයට පැමිණි අභිෂේකා, ඩිංකා, රංජි, රශ්මි එයට කර ඇති සාදාරණය අපමණය. හාර කෝටිය නැරබූ ඔබට ඉතිරිය බාර කර දැනට නවතිමි. මාගේ අවසන් ප්‍රාර්ථනය හාරකෝටියේ ඉන්න පොලිසිය රටේ හැම පොලිස් ස්ථානයකදීම දැකීම සහ සියලු පාතාල මැරයන් ප්‍රේමවන්තයන් වනු දැකීමයි.

වජිර ජයවර්ධන

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close