‘ආවා ගෘෘප්’ කල්ලිය ෆේස්බුක් හරහා මෙහෙයවපු හැටි හෙළිවෙයි

‘ආවා ගෘෘප්’ කල්ලිය ෆේස්බුක් හරහා මෙහෙයවපු හැටි හෙළිවෙයි

උතුරේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය ෆේස්බුක් හරහා සංවිධානගත වන බවට ආරක්ෂක අංශ හෙළි කර ගෙන තිබේ. එම කල්ලියේ වර්තමාන නායකයා වන 'නිශා වික්ටර්' ඇතු

වර්ජනයට මුහුණ දෙන්න ඔසුසල්වලින් නොමිලේ ඖෂධ
අනියම් ඇසුරක් නිසා ජිවීත දෙකක් අහිමිවේ
පුත්තලම තනි දළයා හස්තියාත් වෙඩි තබා මරා දමයි

උතුරේ ක්‍රියාත්මක වන ‘ආවා ගෘෘප්’ කල්ලිය ෆේස්බුක් හරහා සංවිධානගත වන බවට ආරක්ෂක අංශ හෙළි කර ගෙන තිබේ.

එම කල්ලියේ වර්තමාන නායකයා වන ‘නිශා වික්ටර්’ ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිවු දෙනකු කොළඹ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් මේ බව හෙළිදරව් වූ බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.

මීට පෙර ආවා කල්ලිය මෙහෙයවා දැනට ස්විට්සර්ලන්තයේ සැඟවී සිටින ‘සන්නා’ නමැත්තාද එරට සිට ෆේස්බුක් ජාලය හරහා මෙම කල්ලිය ප්‍රතිසන්ධාන කරමින් සිටින බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

උතුරේ වෙසෙන තරුණයන්ගේ සිත් යුද මානසිකත්වයකට නැඹුරු කරමින් මෙම ෆේස්බුක් කල්ලිය ක්‍රියාත්මක වන බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, පාතාල මර්දන ඒකකය හා බුද්ධි අංශවල වැඩි අවධානය යොමු වී ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close