අභිශේකා, ෆේස්බුක් මඩ ප්‍රහාර වලට උත්තර දෙයි!

අභිශේකා, ෆේස්බුක් මඩ ප්‍රහාර වලට උත්තර දෙයි!

අභිෂේකා විමලවීර, රටම දන්න දක්ෂ කලාකාරිණියක්, ඒවගේම සංගීත විශාරදවරියක්. මේ දවස්වල ඇය රියැලටි වැඩසටහනක විනිශ්චවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ නිසාම මේ දවස්

බිරිදට පෙම්බර සැමියෙක්‌ මම – මයික්ගේ ලව් ස්ටොරිය
වටාපත පසෙක තබා කැත්ත උදැල්ල අතට ගත් අපේ කාලයේ යතිවරයාණෝ…!
ලාස්‌ වේගාස්‌ ඝාතකයා මහරෑ නින්දෙන් අවදි වී හඬා වැළපුණා’ – පෙම්වතියවූ ඩැන්ලේ හෙළි කරයි

අභිෂේකා විමලවීර, රටම දන්න දක්ෂ කලාකාරිණියක්, ඒවගේම සංගීත විශාරදවරියක්. මේ දවස්වල ඇය රියැලටි වැඩසටහනක විනිශ්චවරියක් ලෙසත් කටයුතු කරනවා. ඒ නිසාම මේ දවස්වල ඇයට දෝශාරෝපණයක් එල්ල වෙලා තියෙනවා එම තරගයේදී ඇය ඉංග්‍රිසීයෙන් කතා කිරීම ගැන. ඉතිං මේ ගැන සඳහා එම වැඩසටහන ගැන අභිෂේකා පැවැසුවේ මෙවැනනකි.

“සිරස ජුනියර් සුපර් ස්ටාර් ගැන විශේෂයෙන්ම කියන්න ඕනී. ලංකාවේ පළවෙනි වතාවට තමයි එක රැයකින් රියැලටි ෂෝ එකක් ගැන මෙච්චර කතා වුනේ. පළවෙනි වැඩසටහන ප්‍රචාරය වූ සැනින් හැමෝම වගේ කතා කලා. සතුටු හිතුනු ප්‍රතිචාර වගේම කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු හිත රිදුනු ප්‍රතිචාරත් ලැබුනා. ඒ කොහොම උනත් අපි මේ වැඩසටහන තුලින් උත්සහ කරන්නේ දරුවන්ගේ දක්ෂතාවය ලෝකය ඉදිරියට ගෙනියන්න.”

“මේ දරුවෝ ජීවිතේ පළමු වතාවට ලොකු ස්ටේජ් එකක නොදන්න පිරිසක් ඉදිරියේතමයි ගායනය ඉදිරිපත් කරන්නේ. ඉතින් මට හැමතිස්සේම හිතෙන්නේ ඒ පොඩි හිත් කොච්චර බයකින් ඇත්ද කියලා, ඒ දරුවන්ට වචනයකින් හරි සහනයක් වෙන්න ශක්තියක් වෙන්න තමයි මම හැමතිස්සේම උත්සහ කරන්නේ. ඒ අවස්ථාවෙදි ඇත්තටම මම විශාරදවරියක්, අර්ථික විද්‍යව පිළිබද ශාස්ත්‍රවේදිනියක්, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක්, රූපලවන්‍ය ශිල්පිණියක් කියන මේ හැම දේම අමතක කරලා, ඒ දරුවන්ගේ ලඟින්ම ඉන්න යෙහෙළියක් වගේ නැත්තන් අම්මා කෙනෙක් වගේ තමයි විනිශ්චය ලබා දෙන්නේ. මටත් අවුරුදු 4ක පුංචි දුවක් ඉන්නවා. මම හොදටම දන්නවා දරුවන් එක්ක වැඩ කරන්න ඕනි විදිහ. දරුවන්ගේ මට්ටමට ගිහිල්ල එයාලට හරි දේ කියලා දෙන්න තමයි මම මේ වැඩසටහනේදි උත්සහ කරන්නේ. දරුවන් සහ විසුරු මඩුල්ල අතර දුරස්ථ බව අඩු කරගන්න තමයි අපි මේ හැම උත්සහයක්ම ගන්නේ. මොකද එහෙම උනොත් තමයි දරුවන්ගේ ඉහලම දක්ෂතාවය එළියට එන්නේ. ඉතින් මම හිතනවා මට ඒ දේ හොදටම කරන්න පුලුවන්
උනා කියලා. මොකද එක දරුවෙක්වත් ඇඩුවේ නෑ. බය උනේ නෑ. ඉදිරි වැඩසටහන් වලදි ඔබට මන් මේ කියපු දේ ගැන හොදටම දැකබලා ගන්න පුලුවන් වෙයි.”

“තවත් විශේෂ දෙයක් තියෙනවා. මම දැක්කා සුලු පිරිසක් ඒ වගේ චෝදනා කරනවා මම මේ වැඩසටහන තුළ ඉංග්‍රීසියෙන් කතා කිරීම ගැන. මන් නම් ඒදේ වරදක් දකින්නේ නෑ. මට හරිම සතුටුයි ඉංග්‍රිසි භාෂාවෙන් කතා කරන අවස්ථාවලදි ඒ දරුවන් ඉංග්‍රීසියෙන්ම පිළිතුරු ලබා දෙන එක ගැන.

අපි පොඩි කාලේ ඉගෙන ගත්තෙ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියලා, දැන් ළමයි ඉගෙන ගන්න්නේත් එහෙමමයි. මෙහෙම ගියොත් තව අවුරුදු 20 කින් ළමයි ඉගෙනගන්නේත් ඒකමයි. අපි පුළුවන් හැම විටම අඩියක් හරි ඉස්සරහට තියන්න ඕනී. ඒ දරුවන් ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඒ දෙමව්පියන්ගේ මුහුනේ තියෙන සතුට හරිහැටි දැක්කොත් ඔය විදිහේ කතාවක් මට කීයටවත් කියන එකක් නෑ. අපි හිතුවට ඒ ළමයි ඉංග්‍රීසි දන්නේ නෑ කියලා අපිට වඩා හොදට ඒ ළමයි ඉංග්‍රීසි කතා කරනවා.

සමහරක් අය කියලා තිබුනා මම දරුවන් අපහසුතාවයට පත් කරනවා කියලා ඉංග්‍රීසි කතා කරලා, දැනට එක දරුවෙක්ගෙන් පමණයි මම ඇහුවේ ‘Can You Dance?’ කියලා ඒ ප්‍රශ්නෙය කියලා ඒ දරුවා ‘Yes’ උත්තර දුන්නා. අපේ රටේ දරුවන්ට Yes No කියලාවත් කියන්න බෑ කියලා හිතවනම් ඒක වැරදි. අපේ රටේ ඉන්නේ දක්ෂ දරුවෝ. එයාලට පුලුවන්. අනිත් දේ තමයි මම දැක්කා එක දරුවෙක්ටත් බැනලා තියෙනවා. ඇය කරටේ ක්‍රීඩිකාවක් ඇය එක්තරා කරටේ ඉරියව්වක් හේෂාන් සහ ප්‍රදීප් ඉදිරියේ කරනවා. ඒ දේට පවා බැනලා තිබුනා. ඇය කාටවත් අගෞරවයක් කලේ නෑ. ඇය ඇගේ හැකියාව පෙන්නුවා පමණයි.” යනුවෙනි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close