‘දෙවැනි ඉනිම’ ඇයි මේතරම් ජනප‍‍්‍රිය ?

‘දෙවැනි ඉනිම’ ඇයි මේතරම් ජනප‍‍්‍රිය ?

ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍ය වලට වහ වැටුණු ලාංකීය ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරය ‘දෙවනි ඉනිම’ට අබ්බැහි වීම නිසා මුළු ටෙලිනාට්‍ය සංස්කෘතියම උඩුයටිකුරු

ඉන්දියාවේ විශාලතම ටැක්සි මෙහෙයුම්කරුවා වන Ola ලංකාවට
අම්මා මගේ අත් අල්ලාගත්තා තාත්තා තෙල් හැන්ද රත්කර පිච්චුවා – සංවේදී කතාවක්
කතානායක පාර්ලිමේන්තුවේ වාරණය කල රවිගේ විශේෂ ප‍්‍රකාශය සම්පුර්ණයෙන් මෙන්න..

ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍ය වලට වහ වැටුණු ලාංකීය ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරය ‘දෙවනි ඉනිම’ට අබ්බැහි වීම නිසා මුළු ටෙලිනාට්‍ය සංස්කෘතියම උඩුයටිකුරු වෙලා. විශේෂයෙන්ම සමාජමාධ්‍ය ජාල පරිහරණය කරන තරුණයින්ගෙන් දෙවැනි ඉනිමට ලැබෙන්නෙ ඉතාම ඉහළ ප‍්‍රතිචාරයක්. යූ ටියුබ් අඩවියේ ඬේලිරේටින්ස් වැඩිම ප‍්‍රමාණයක් හිමිවෙලා තියෙන්නෙත් දෙවැනි ඉනිමට. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ජනප‍්‍රියම ටෙලි නාට්‍ය වගේම ජනප‍්‍රිය නිළියට හිමි සම්මාන, සම්මාන උළෙල දෙකකදීම හිමි කරගන්න පුළුවන් කම ලැබෙන්නෙත් ඒ අසීමිත පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය නිසා.

දෙවෙනි ඉනිමට මේ තරම් ඉහළ සමාජ ප‍්‍රතිචාරයක් ලැබෙන්න හේතුව මොකක්ද ? ගොසිප් ලංකා 9 අපි ඒ ගැන මාධ්‍යවේදී වජිර ජයවර්ධනගෙන් විමසීමක් කළා.

‘දෙවැනි ඉනිම’ සිංහල ටෙලි නාට්‍ය කලාව තුළ මේ ගහන ඉනිම ගැන මොකද හිතෙන්නෙ?
වසර ගණනාවක් තිස්සෙ ඉන්දියානු ටෙලි නාට්‍ය කෙරෙහි තිබුණු ආධිපත්‍යය තමන් වෙත නතු කරගෙන මේ වෙනකොට අනර්ඝ ඉනිමක් දෙවැනි ඉනිමෙන් ගහන්න පටන් අරගෙන තියෙනවා. ඒක අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉතාම හොඳ නව ප‍්‍රවණතාවයක් විදියටයි මම දකින්නේ.

මුළු හත්මුතු පරම්පරාවම එක ගෙදර ජීවත් වෙන, කෝටි ගණන් වටින සාරි ගෙදරටත් අඳින, ඒවා ඇඳගෙනම නිදාගන්න, උදේ නැගිටින කොට කොණ්ඩෙ ගහක් වත් අවුල් වෙලා නැති ගෑණු මිනිස්සු ජීවත් වෙන මේ ඉන්දියන් කතා බලලා කුරුවල් වුණු ඔළුගෙඩි වලට දෙවැනි ඉනිම බලන්න ලැබුණු එක ලොකු මානසික අස්වැසිල්ලක් කිව්වොත් ඒක වැරදි නෑ.

බැලූ බැල්මට ඉන්දියානු නාට්‍යයක හැඩහුරුව දෙවැනි ඉනිමෙත් තියෙනවා. ඒ රූපරාමු, ඒ වර්ණ සංයෝජන, ඒ ලොකේෂන් වල වුණත් සමානකමක් තියෙනවා. එහෙනම් දෙවැනි ඉනිම ඉන්දියානු නාට්‍ය වලට වඩා හොඳයි කියන්න පුළුවන් ද?
අනිවාර්යයෙන්ම. ඉන්දියානු නාට්‍ය වලට විතරක් නෙවෙයි හතු පිපිනවා වගේ පහුගිය කාලේ එකදිගට විකාශය වුණු කොරියන් ටෙලි නාට්‍ය වලටත් වඩා දෙවැනි ඉනිම බොහෝම ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. රූපවාහිනියෙන් විකාශය වුණු ‘චංගුමී’ වගේ නාට්‍යයක් ගත්තොත් එය කොරියානු නාට්‍යයක්. හැබැයි චංගුමී, අති දක්ෂ හඬ කැවීම් ශිල්පීන් යොදාගෙන ඉතා උසස් මට්ටමෙන් නිර්මාණය කරලා තිබුණා. ඒත් ඒ එක්ක ආව කොරියානු ටෙලි නාට්‍ය රැල්ල ඊට සාපේක්ෂව ඉතාම දුර්වල තැනක තිබුණේ. ‘Boys of Flowers’, ‘City Hunter’ වගේ කොරියානු නාට්‍ය ටිකක් දෙබස් කවලා ඔහේ විකාශය කරන්න ගත්තු දෙරණ නාලිකාව අපේ මිනිස්සු ඉල්ලන අපිට අනන්‍ය අපේ කමට ගැළපෙන නාට්‍ය ටිකක් 7.30 – 8.30 කාල සීමාවේ විකාශය කරන්න යොමු වීමම සිංහල ටෙලි නට්‍ය ප‍්‍රක්ෂකයා ලබපු ජයග‍්‍රහණයක් කියලයි අපි විශ්වාස කරන්නෙ.

විශේෂයෙන්ම ‘සිඳු’ වගේ නාට්‍යකින් ඒකට මුල් අඩිතාලම වැටුණා. එක පැත්තකින් ඉන්දියානු ටෙලි නාට්‍ය. අනිත් පැත්තෙන් උදේ ලියලා දවල් ෂූට් ‘කරන ලංකාවේ මෙගා නාට්‍ය රැල්ල. මේ දෙක අතරේ දෙවැනි ඉනිම ටෙරෙන්ඞ් එකක් වෙන්න සුවිශේෂී හේතුවක් තියෙනවද?
මෙහෙමනේ. පාසල් කාලය කියන්නෙ අපි හැමෝම ආස වෙන අපි ඔක්කොගෙම ජීවිතේ සොඳුරුතම කාල සීමාව. නිරායාසයෙන්ම අපේ හිත නවතින තැන. ‘ගොළු හදවත’ වගේ චිත‍්‍රපටයකින් වගේම ගොළු හදවත නවකතාව ඇසුරින් නිර්මාණය වුණු ටෙලි නාට්‍යයකින් එදා ආමන්ත‍්‍රණය කළේ ඒ සොඳුරුම කාලයට. ඒ නිර්මාණ මිනිස්සු හරි ආදරෙන් වැළඳගත්තා. මං හිතන්නෙ දෙවැනි ඉනිමෙ පිටපතෙන් මේ හදගැස්ම තිතටම අඳුනගත්තා. ඒ වගේම තමයි පාසල් පේ‍්‍රමය, යොවුන් පේ‍්‍රමය නිරූපනය කරන ආකාරය වගේම නළු නිළියන් චරිත හසුරුවන ආකාරය මේ සියල්ලම මේ නාට්‍ය ටෙරෙන්ඞ් එකක් බවට පත්වෙන්න හේතුවක් වුණා.

බෝඩිං පීස්වත් ගෙවාගන්න බැරි වුණත් සමල්කා ඉස්කෝලෙ යන්නෙ ස්කූටියෙන්, පාවිච්චි කරන්නෙ i Phone. ගරාජ් එකේ වැඩ කරලා සමල්කාගේ බෝඩිං පීස් ගෙවන අනුහස්, බැට් එක නැති වුණාම ඒක ගන්න විදියක් නැතිව පොළොවෙ පස් කනවා. මේ දේවල් ලොජික් නෑ කියලා සමහරු තර්ක කරන්න පටන් අරන්?
එහෙම කියනවා නම් අඩුපාඩු ඕන තරම් කියන්න පුළුවන්. දෙවැනි ඉනිම සර්ව සම්පූර්ණ මෙතෙක් බිහි වුණු විශිෂ්ටතම ටෙලි නාට්‍ය කියලා නෙවෙයි මේ කියන්නෙ. අපි කියන්නෙ අර කසිකබල් ඉන්දියානු ටෙලි නාට්‍ය ටික බලනවාට වඩා දෙවැනි ඉනිම බලන එක හොඳයි. මොනවා වුණත් ඒක අපිට අනන්‍ය විදියට අපට ගැළපෙන විදියට හදලා තියෙනවා. ඉන්දියානු නාට්‍යයක් අරන් බැලූවොත් තනිකරම තියෙන්නෙ වෛරය වැපිරීම. පුළුවන් තරම් පවුල් ඇතුළේ අර්බුද පෙන්නලා පෙන්නලා මුළු පවුල් සංස්ථාවම විනාශ කරලා දානවා.

එකම ගේ ඇතුළේ තමයි මේ කතාවේ වීරයායි හතුරායි දෙන්නම ඉන්නෙ. ඒ කියන්නෙ සහෝදරයා සහෝදරයාට විරුද්ධව කුමන්ත‍්‍රණය කරනවා. සැමියා බිරිඳට, බිරිඳ සැමියාට විරුද්ධව කුමන්ත‍්‍රණය කරනව. නැන්දම්මා ලේලිට, ලේලි නෑණාට, නෑණා මස්සිනාට විරුද්ධව ගේම් ගහනවා. පවුල කියන සංකල්පයම සූක්ෂමව ටිකෙන් ටික විනාශ කරලා දාන්න තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නෙ.

දෙවැනි ඉනිමේ පවුල කියන දේ ඇතුළෙ තියෙන ගැටුමට වඩා ඒ සම්බන්ධතාවල වටිනකම ඉස්මතුවෙන විදියට නිර්මාණය කරලා තියෙනවා.

උදාහරණයක් විදියට ධර්මප‍්‍රිය ඩයස් නිරූපනය කරන ආනන්දගේ චරිතය සහෝදර පේ‍්‍රමය, නියම සහෝදරයාගේ භූමිකාව තමයි ඉස්මතු කරන්නේ. ඒ නිසා ඉන්දියානු නාට්‍යය වල ෆැන්ටසියට වඩා දෙවැනි ඉනිමේ ෆැන්ටසි එක හොඳයි කියන තැන තමයි අපි ඉන්නෙ.

දෙවැනි ඉනිමෙන් ඉස්කෝලෙ යන ළමයි නරක් වෙන විදියේ බලපෑමක් වෙනවා කියලා හිතෙනව ද?
අද පාසල් දරුවෝ අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නෙ නැද්ද? මත්ද‍්‍රව්‍ය භාවිත කරන්නේ නැද්ද? ඒවා පාසල් විසින් හංගාගෙන ඉන්න බව අපි දන්නවා. ඒවා ඉළියට ආවොත් කීර්තිනාමයට කැලලක් කියලා ඔවුන් දන්නවා.

පාසල් පද්ධතිය අපි හිතනවට වඩා බොහොම ජරාජීර්ණ වුණු තැනක් වෙලා ඉවරයි.

බිග් මැච් කියලා කරන්නෙ තනිකරම බීලා දෙනෝදහක් ඉදිරියේ මහපාරවල් වල නටන එකයි තාප්පවලින් බාලිකා පාසල්වලට පැනලා සිසුවියන්ට හිරිහැර කරන එකයි. ඒ වගේ හිරිකිත දේවල් තමයි අද පාසල් පද්ධතියේ ඇත්තටම සිද්ධ වෙන්නෙ.

එහෙම බැලූවම දෙවැනි ඉනිමේ එහෙම නරක දේවල් වෙන්නෙ නෑ. ඒ පිරිමි පාසල තමන්ගේ බාලිකා පාසලේ ළමයි එක්ක ඉතාම සහෝදරත්වයෙන් කරන ගණුදෙනුවක් පෙන්නන්නෙ. ඒ නිසා දෙවැනි ඉනිමෙන් අපේ පාසල් පද්ධතිය විනාශවෙනවා කියන දේ පිළිගන්න බැරි පදනම් විරහිත තර්කයක්.

සාමන්‍යයෙන් අපේ නාට්‍ය වල ඉන්නෙ නිතර දකින කුකුළගේ කරමලේ වගේ දැකලම දැකලම එපා වුණු එකම නළු නිළියන් කොටසක්. දෙවැනි ඉනිමේ ඒ වෙනුවට අළුත් මූණු ටිකක් දකින්න තියෙනවා. ඒ ෆ්රෙෂ් බවත් මේ නාට්‍ය ජනප‍්‍රිය වෙන්න හේතුවක් වුණා වෙන්න බැරිද?
එයත් යම් බලපෑමක් කළා වෙන්න පුළුවන්. හැබැයි බිමල් කියන්නෙ අළුත් මූණක් නෙවෙයි. හිමාලි අළුත් මූණක් නෙවෙයි. ධර්මප‍්‍රිය අලූත් මූණක් නෙවෙයි. අළුත් මූණු යොදාගෙන තියෙන්නෙ ඉස්කෝලේ යන කොල්ලන්ගේ කෙල්ලන්ගේ චරිතවලට.
මට හිතෙන්නෙ ඒ ඒ චරිතවලට ගැළපෙනම මූණු ටික හොයාගන්න පුලූවන් වීම නාට්‍යයේ ජනප‍්‍රියත්වයට හේතුවක් වෙන්න පුලූවන්.

තවත් කාරනාවක් කියන්න ඕන, දෙවැනි ඉනිම ඉතාම ජනප‍්‍රිය වුනා කියලා, ඒක එකම ඉනිම කරගත්තොත් නොදැනිම දැවී යන්න පුළුවන්.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close