අපේ දැනුමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩක් කිරීමට සූදානම් – අරවින්ද ද සිල්වා

අපේ දැනුමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩක් කිරීමට සූදානම් – අරවින්ද ද සිල්වා

ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා පත්කරනු ලැබූ ක්‍රිකට් උපදේශක කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා සමග මුල්ම සාකච්ඡාවට සහභාගි වීමෙන් පසුව එහි සාමාජික අරවින්ද

සංගා කී දෙයක් පාකිස්තාන බස් රියදුරු වසර 8කට පසු කියයි
මාධ්‍යවේදිනියව එක් රැයකට ඇදට ගන්න කතා කල ඩයලොග් මාධ්‍යවේදියා මෙන්න
අගමැතිට යන්න කියා, හරීන් පිංගුත්තරයට බැණ වදී..[Video]

ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා පත්කරනු ලැබූ ක්‍රිකට් උපදේශක කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා සමග මුල්ම සාකච්ඡාවට සහභාගි වීමෙන් පසුව එහි සාමාජික අරවින්ද ද සිල්වා පැවසුවේ තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ දෙයින් රටටත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් දෙයක් දීම යුතුකමක් වන බවයි.

අපි සියලු දේම අමතක කොට එක්වන්නේ අපේ තරුණ ක්‍රීඩකයන් ගැන සිතා. කෙටිකාලීනව කරන දේවල් සිදු කිරීමයි මුලින් වැදගත්. විශේෂයෙන් අද ක්‍රීඩකයින්ගේ ආබාධයත් ගැටලුවක්. කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරගෙන යන විට ආබාධයන්ට පත්වෙනවා. මේ ගැන බැලිය යුත්තේ වඩාත් විශ්‍ලේෂණාත්මකවයි. දැනට අපි කරන්නේ එක පාරටම ක්‍රීඩකයෙක් ගැන බලා ඔහුගේ යම් යම් අඩුපාඩු නිසා මෙම ආබාධ තත්ත්වයන් ඇති වී ඇති බවයි. ඒත් වඩා විශේෂණාත්මකව බලා තමයි එයට පිළියමක් ගත යුත්තේ.

අපි තරුණ ක්‍රීඩකයන් දෙස බැලිය යුත්තේ තමන්ගේ ළමයි ලෙස සිතමින්. ඔවුන්ට සහයෝගය දිය යුත්තේ විශ්වාසය වැඩි කරමින් මානසික මට්ටම ඉහළට ගෙන ඒම සඳහායි. මේ නිසා මානසික තත්ත්වය ඉහළට ගත්විට වැඩිපුර වැඩක් ගත යුතුයි. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගොඩක් අන් රටවල ක්‍රීඩකයන්ට නැහැ. මම පාසල් ක්‍රීඩකයන්ගේ දක්ෂතා හොඳින් දැක තිබෙනවා. මේ නිසා හරි සැලසුමක් ඇතිව කටයුතු කළොත් අපේ ක්‍රිකට් ඉදිරියට ගෙනයාම කළ හැකියි.

මේ සඳහා නිවැරදි තේරීම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. අපි ගන්න තීරණ ස්ථිරවම හරි නොයෑමට පුළුවන්. ඒත් අපි එකට ගන්න තීරණ දිගුකාලීනව හරියන්න පුළුවන්. මේ නිසා තමයි ක්‍රිකට් උපදේශන කමිටුවට පැරණි නායකයෙක් හා මෑතකාලීන නායකයන් දෙදෙනෙක් එක්කර ඉන්නේ. ක්‍රීඩාවේ එදා හා අද ලොකු වෙනසක් තියෙනවා. සමහර පරණ සිද්ධාන්ත අදට ගැළපෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා හරි විදියට ඒවා ගළපා ගන්න ඕන. ඒ නිසා හරි තීරණ ගැනීම මෙම ක්‍රිකට් උපදේශන කමිටුත් වැදගත් වේ යැයි අරවින්ද සිල්වා පවසයි.

ක්‍රිකට් උපදේශන කමිටුවට හේමක අමරසූරිය මහතා ප්‍රමුඛව අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අනුර තෙන්නකෝන් හිටපු ක්‍රීඩකයන් ලෙස එක්ව ඇති අතර මෙම කමිටුවේ ‍ලේකම් ලෙස රුවන් කෑරගල ද ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනයට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ද එක්වන අතර මොවුන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග පුරා පැය දෙකක සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close