අපි Living together ඉඳිද්දි ඒකට හුඟක් අය අකමැති වුණා.

අපි Living together ඉඳිද්දි ඒකට හුඟක් අය අකමැති වුණා.

අමීෂා... අපි මේ කතාබහ ඔයාගේ පවුලේ අයගෙන් හා ළමා කාලයෙන් පටන් ගමු... එහෙම හොඳයි නේද...? ඔව්... ඒක හොඳයි. මම උපන් ගම මාතර. ඒ කියන්නේ මගේ අම්මගේ ගම මාතර

හැම මව්පියෙක්ටම වගේම මටයි, ශ්‍රියන්තටයි අද තනිකමක් දැනෙනවා.
හිස් සෝකේස් ටිකකින් සියනෑ කෝරළය දිනූ පුරසඳ සුනිල්
මුතූ ඉමේෂා මව් පදවිය ලබයි…

අමීෂා… අපි මේ කතාබහ ඔයාගේ පවුලේ අයගෙන් හා ළමා කාලයෙන් පටන් ගමු… එහෙම හොඳයි නේද…?
ඔව්… ඒක හොඳයි. මම උපන් ගම මාතර. ඒ කියන්නේ මගේ අම්මගේ ගම මාතර දික්වැල්ලේ. ඉතින් මම ඉපදුෙණ් මාතර. ඒ ඉපදිලා මාස දෙකෙන් විතර එහේ ඉඳලා මගේ තාත්තාගේ ගම වුණු ජා ඇලට අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ මම හැඳුණේ වැඩුනේ ජා ඇල තාත්තාගේ ගමේ.

ජීවිතේ එක්තරා කාලයක මුණගැහුණු අර්ජුන් කමලනාත් අමීෂාගේ ජීවිතයම වෙනස් කළා නේද…?
ඔව්… මම පසුබිම් නර්තන ශිල්පිනියක් කරන මුල් කාලේදීත් අර්ජුන අයියාව මුණගැහිලා තියෙනවා. ඒ හමුවීම බොහෝම සාමාන්‍යයි. ප්‍රධාන චරිත කරන අයට අපි ගොඩක් ගරු කරනවා. ඒ අය එක්ක කතාබහ කරන්නත් එහෙම හරි ආසයිනේ. ඉතින් මම ප්‍රධාන චරිතය රඟපාපු “සඳ දෙව්දෝණි චිත්‍රපටයේත් අර්ජුන අයියා හිටියා. එදායින් පස්සේ අපි හිතවත් වුණා. අන්තිමට ඒ හිතවත්කම ආදරයක් වුණා.

අර්ජුන අමීෂාට යෝජනාවක් ගෙනාවම මොකද හිතුනේ?
ඇත්තටම එහෙම අර්ජුන අයියා මට ආදරෙයි කියලා කිව්වෙත් නෑ. ගොඩක් අපේ වටේපිටේ ඉන්න අය තමයි අපිට විහිළු කළේ. මම ෂූටිං ගියේ මගේ අම්මා එක්ක. ඉතින් බත් කද්දි අම්මා තමයි මට කවන්නේ. ඉතින් ඔය අතරේදී අයියත් මට බත් කවනවා. ඉතින් මුලින් අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි අතර තියෙන බැඳීම අපිට තිබ්බේ. මම තාමත් එයාට කියන්නේ අයියා කියලා. ඉතින් අපිට අපි දකින්න බැරිව, ෂූටිං ඉවරවෙලත් ආයේ කතා කරනවා. ඉතින් දවසක් අයියා මට කිව්වා “මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ කියලා. මම ඉතින් ඒ දේ එයා කියනකන්ම තමයි බලාගෙන හිටියේ.

දැන් ඔය ආදරේට කොච්චර කල්ද?
අපි ආදරේ කරන්න පටන් ගත්තේ 2006 ඉඳන්. ඒ කියන්නේ දැන් අපේ ආදරේට අවුරුදු එකොළහක්.

ඔය අවුරුදු එකොලහ ඇතුළත පුංචි පුංචි හිත් රිදීම් නෝක්කාඩුකම් නොතිබුණාම නෙමෙයිනේ…?
අපෝ ඔව්… ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. මම හිතන්නේ ඒ මට ජීවිතේ තියන අත්දැකීම් අඩුකමක් එක්ක වෙන්න ඇති. එයත් කාර්යබහුලයි. මමත් ටික ටික කාර්යබහුල වුණා. ඒ දේවලුත් එක්ක පුංචි පුංචි හිත්රිදීම් ඇතිවුණා… හැබැයි ඒ දේවල්වලින් අපි තවත් ළංවුණා. මම හිතනවා හැමෝටම ජීවිතවල මේ පුංචි හිත්රදීම් කියන දේ තියනවා. ඒ දේවලුත් එක්ක අපිට ජීවිතේ අත්දැකීම් ලබලා තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

වැඩියෙන්ම ඔය දෙන්නගෙන් කේන්ති යන්නේ කාටද…?
අයියට තමයි ඉස්සරනම් කේන්ති ගියේ. දැන් එයාට අඩුයි. දැන් මට චුට්ටක් කේන්ති යනවා. හැබැයි ඒ කේන්තිය චූටි වෙලාවයි.

කාටවත් නොකියම ඔය දෙන්නා විවාහ වුණා?
ඔව්… 2014 දී තමයි අපි දෙන්නා විවාහ වුණේ. ඒක බොහෝම නිහඬ විවාහයක්. ඒකට සහභාගී වුණේ මගේ අම්මයි, තාත්තයි අර්ජුන අයියාගේ පවුලේ අය විතරයි.

ඒත්… කාලයක් තිස්සේ අමීෂයි අර්ජුනයි Living together ජීවිතයක් ගත කළා.
ඔව්… ඒක ඇත්ත. අපි අවුරුදු දහයක් විතර එක ගෙදර අපි දෙන්නා තනියම ජීවත් වුණා. ඒ ජීවිතයත් එක්ක අපි දෙන්නගේ විවාහය කරන්න ඕනෙ කියලා අපිට හිතුනේ නෑ. බොහෝ දෙනා අපි Living together ඉඳිද්දි ඒකට අකමැති වුණා. ඒත් අපි දෙන්නගේ එකම ඉලක්කය වුණේ ගේ හදාගෙන එයාට හොඳ වාහනයක් අරගෙන අපේම නිෂ්පාදන කටයුතු කරගෙන හොඳ ජීවිතයක් ගතකරන්නයි. ඒ වෙනුවෙන් අපි දෙන්නම ගොඩක් මහන්සි වුණා. මට පෝරුවෙ නැගලා මනමාලියක් වෙන හීනයක් තිබුෙණ් නෑ. ඒ නිසා විවාහය වෙනුවෙන් ඉතිරි කරගත්තු හැම මුදලක්ම අපි ඉදිරි කටයුතු සඳහාත් වැය කළා.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
අර්ජුන අයියා කළ “කුසල් චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. අපි දෙන්නට “කුල්නෙත් මීඩියා කියලා ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකෙන් ෆිල්ම් එකක හැම දෙයක්ම ඒ ස්ටුඩියෝ එකෙන් කරන්න පුළුවන්. ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න කටයුතු කරනවා.

අවුරුදු එකොලහක් ඉවරයි. ඔය දෙන්නා අතරට තව පොඩි දරුවෙකුත් එන හීනය දකින්නේ කවදාද…?
තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. මේ හැම දෙයක්ම කළේ හිතලා ප්ලෑන් කරලා නෙමේ. ඉතින් ඒ දේවලුත් වෙලාවට වෙයි. සමහරවිට නොවෙන්නත් පුළුවන්. ඒක මම තාම දන්නේ නෑ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close