අනියම් ඇසුරක් නිසා ජිවීත දෙකක් අහිමිවේ

අනියම් ඇසුරක් නිසා ජිවීත දෙකක් අහිමිවේ

සති අන්තේ සැමියා සමග සතියේ දින අනියම් සැමියන් සමග විවාහක කාන්තාවක් විසින් අනියම් සැමියන් දෙදෙනෙකු ඇසුරු කිරීම නිසා ජීවිත දෙකක් අහිමිව, බාල වයස්කාර

නිතර දකින්න හිටියට ජනප්‍රිය නිළිය වෙන්න බෑ – නයනතාරා
‘යක්කු බොලව්’ රන් සලකුණ තියයි
‘දර­පාන් මාමා’ගේ සොඳුරු කැදැ­ල්ල

සති අන්තේ සැමියා සමග සතියේ දින අනියම් සැමියන් සමග

විවාහක කාන්තාවක් විසින් අනියම් සැමියන් දෙදෙනෙකු ඇසුරු කිරීම නිසා ජීවිත දෙකක් අහිමිව, බාල වයස්කාර දියණියන් දෙදෙනෙකුද තුවාල ලැබු පුවතක් වාර්තා වෙනවා.

දැරණියගල , රන්වල මාලිබොඩ ප්‍රදේශයේදී පසුගිය 25ස් වනදා සිදුවීම සිදුවී තිබෙන අතර , එදින රාත්‍රීයේ පුද්ගලයෙකු විසින් කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී කපා කොටා තිබෙනවා. ඝාතනය වූ කාන්තාවගේ සැමියා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන අතර සති අන්තයේ පමණක් නිවෙසට පැමිණ ඇත.

ඝාතනය සිදු වූ අවස්ථාවේ මියගිය කාන්තාව හා දරුවන් දෙදෙනා නිවෙසේ සිට ඇති අතර පසුව ඝාතනයට ලක්වූ අනියම් පුරුෂයා පැමිණ ඇති අතර මඳ වේලාවකින් අනෙක් අනියම් පුරුෂයාද නිවෙසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් මෙම ගැටුම ඇති වී ඇත

මීට අමතරව එම කාන්තාවගේ සිව් හැවිරිදි සහ සත් හැවිරිදි දියණියන් දෙදෙනාටද සැකකරු විසින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙන බවට වාර්තා වේ. තුවාල ලැබූ දරුවන් දෙදෙනා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ගනිමින් සිටින බව සදහන්.

අදාළ කාන්තාව ඝාතනය කළ ස්‌ථානයට මීටර් 60 ක්‌ පමණ මියගිය කාන්තාවගේ අනෙක් අනියම් සැමියාද ඝාතනය කර තිබියදී පොලිසියට හමුවී ඇත.

එසේ මියගොස්‌ ඇත්තේ මාලිබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්ති හේමලතා නමැති 42 හැවිරිදි කාන්තාවක සහ මාලිබොඩ හිඟුරල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙවිපහළ දරයලාගේ රූපසිංහ නමැති 50 හැවිරිදි අයෙකි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close