අද ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් ගැටුමට පොලිසියෙන් 1,000ක්

අද ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් ගැටුමට පොලිසියෙන් 1,000ක්

මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත

පුංචි තැනක ඉඳන් පටත් මම ඉතාමත් දුප්පත් පවුලක කෙනෙක් – රවීන්
වේගයෙන් ඇවිදීමෙන් අත්වෙන වාසි ගොඩයි
අවුරුදු 15න් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට පිවිස ලොවම ජයගත් මංජුල නාරායන

මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට ක්‍රිකට් තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලංකා – ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

මෙම තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් ‍පොලිස් නිළධාරින් දහසක් පමණ යොදවා ඇති බවත් ක්‍රිඩාංගණය වටා සිසිටීවි කැමරා සවි කර ඇති බවත් ‍පොලිසිය පවසයි.

ක්‍රීඩාලෝලීන් ප්‍රේක්ෂකාගාරය තුළට පැමිණීමට පෙර ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් ක්‍රිඩා පිට්ටනිය වෙත විවිධ ද්‍රව්‍ය වීසි කිරීම හා ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිට්ටනියට අවතිර්ණ විම සපුරා තහනම් කර ඇති අතර මෙහිදී කළහාකාරි ලෙස හැසිරෙන සියලුම තැනැත්තන් නොපමාව ‍පොලිස් අත්අඩංගුවට ගන්නා බවද ‍පොලිසිය පවසයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 1
Close