අද මං උපාධිධාරිණියක් වුණා. ඉතින් මේ මගේ කතාව..

අද මං උපාධිධාරිණියක් වුණා. ඉතින් මේ මගේ කතාව..

අද මං උපාධිධාරිණියක් වුණා. (BPA ( special ) in performing arts with a second class ( upper division )) ඉතින් මේ මගේ කතාව.. කොළඹ සෞන්දර්ය කලා විශ්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොඩිවින කරලා!
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කල විශේෂ ප‍්‍රකාශය
“සර්, ඇත්තටම බැඳුම්කරයෙන් වංචාවක් වෙලාම නැද්ද?” රන්ජන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අගමැතිවරයාගෙන් අසයි

අද මං උපාධිධාරිණියක් වුණා. (BPA ( special ) in performing arts with a second class ( upper division ))
ඉතින් මේ මගේ කතාව..

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත අවුරුදු 4 ක මහන්සියේ ප‍්‍රතිඵලය මට ලැබුණා. ඒ නාට්‍ය හා රංගකලාවෙන්.

“දෙවන පෙළ (ඉහළ) ගෞරව සාමාර්ථයයක්” ලෙස.

මගෙ ප‍්‍රධාන විෂය වුණේ රූපණය (Acting).

තවදුරටත් ගණනය කළොත් 3.65 වන GPA අගයක් ලබාගනිමින් 3.7 අගයෙන් ගණන් ගැනෙන පළමු පෙළ සාමාර්ථය මට නූලෙන් miss වෙලා 2nd upper එකක් ලැබුණෙ. ඒ සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියා මාර්ග පිළිබඳව මාව දැනුවත් කරමින් ලැබුණු දිරිගැන්වීම් රාශියක් මැද මම මට ලැබුණු ඒ ප‍්‍රතිඵලය නිහතමානීව බාරගන්නෙ.

ඒ ප‍්‍රතිඵලය පිටුපස තියෙන මගේ පුදුමාකාර මහන්සියේ.. කැප කිරීම් රාශියේ..අවංක කමේ… වටිනාකම රැක ගන්න ඕනි නිසයි.

පසුගිය අධ්‍යයන වර්ෂ 4 තුළ මුහුණ දුන්න හැම විභාගයක්ම තනි ධෛර්යයෙන් උපරිම ශක්තිය යොදවල කැපවෙලා නියමිත දවසේ නියමිත වෙලාවට නීතියට අනුකූලව කරමින්, අනිත් උන්වත් ගොඩදාගෙන ආපු ගමන හරි දුෂ්කරයි.. විශේෂ වරප‍්‍රසාද ලැබුණෙත් නෑ. ලබා ගත්තෙත් නෑ. තමන්ට සහජ දක්ෂතාවක් තියෙයි නම් කාගෙන්වත් විශේෂ සැළකිළි මොකටද.. 😏

විභාගවලට මාස 2, 3ක් තියෙද්දි ආපු හැම බාහිර වැඩක්ම මං ප‍්‍රතික්ෂේප කළා. ඒ මගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්. සාමූහික වැඩ අතරමං කරන්න බැරි නිසා. ඒ මම වෙන වෙන වැඩ කරලා ඇවිත් දවසින් දෙකෙන් පාඩම් කරලා theory exam එකකට මූණ දෙන්න තරම් ප‍්‍රඥයෙක් නොවන නිසා. ඒ නිසා මට රංගන ශිල්පිනියක් විදියට තැනකට යන්න අවස්ථාව තිබුණු ඉතාම හොඳ නිර්මාණයන් මග හැරුණා. පසු කාලයෙදි ඒ ඇතැම් නිර්මාණ සම්මානයට පාත‍්‍ර වෙද්දි මම පසුතැවුණේ නැත්තෙ කවදහරි තමන්ට ඉතුරු වෙන්නෙ තමන් ඉගෙන ගන්න දෙයක් විතරයි කියලා මං දැනගෙන හිටපු නිසා.

මේ කිසිම දෙයක් මගේ නෑ හිතවතුන් දන්නෙ නෑ. විවේකයක් තියෙන කාලෙට හොඳයි කියලා දැනෙන නිර්මාණවලට දායක වුණේ මං උසස් අධ්‍යාපනය හදාරන විෂය රූපණය නිසා රංගනය සම්බන්ධව අත්දැකීම් ලබාගන්න. ඒත් ඒ නිර්මාණ දැකපු මගේ ඇතැම් නෑදෑ හිතවතුන්ගෙන් ලැබුණු උපහාසාත්මක අගය කිරීම්වලින් මට තේරුම් ගියා මගේ කොළඹ ගමනය සිද්ධ වුණේ අධ්‍යාපනය සඳහා නොවෙයි නිළියක් වීමේ බලාපොරොත්තුවෙන් කියලා එයාලා විශ්වාස කරන බව.

ඒත් මගේ අම්මා තාත්තා අයියා අක්කා මට නිරතුරුවම ශක්තියක් වුණා. කාටවත් කරදරයක් නැති මගේ ඒ පුංචි පවුල මට කිසිම බලපෑමක් නොකර මං ගැන විශ්වාසය තියලා මං කැමති පාරෙ යන්න උපරිම ශක්තියක් වුණා. මං අද මෙතන ඉන්නෙ එයාලා නිසයි. මං ඔයාලාට ගොඩක් ආදරෙයි!

රංග කලාවෙන් ඉදිරියට යන්න ඕනි කියන මගේ හීනයට දිරි දුන්නෙ එවකට රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ මගේ ආදරණීය ගුරු මව්පියන් සහ මගේ මිතුරියන්. විශේෂයෙන්ම රංග කලාවට ගුරුවරයෙක් නැති වුණාම අපිව ගොඩදාන අභියෝගය බාර ගත්ත සුමනසිංහ සර්වත්, රනිල් සර් සහ රසාංග සර්ලවත් බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනි.

මගේ ආදරණීය මිතුරියන් තරූ,  Samudi Gunawardanaa, Hasitha Hewagamagee, Hiruni Rathnapalaa, සවීචා, හර්ෂණි, දෙව්මි,සංදීපා සහ 13 C Art class එකේ set එක. ආදරෙයි!

Dasun Pathiranaa අයියේ ඔයා එදා මට campus එකේ practical test එකට ready වෙන්න උදව් නොකළ නම් අද මට මේ දවස උදාවෙන්නෙ නෑ.☝

මට විෂය කරුණු හොයලා දීලා පොත් පත් හොයලා දීලා මට ශක්තියක් වුණු campus එකේ මගේ ආදරණීය ගුරුවරු අසේල සර්, ප‍්‍රසන්න සර්, ෆර්ඩි සර්, ජගත් සර්, අරුණ සර් ඒවගේම Kaushalya Madhawa Pathiranaa, Dilan Lasantha Senanayakee,
පෙමා, තුමිඳු සර්, කාල් අයියා, අනුරාධ අයියා, උෂාන් අයියා හැමෝටම ගොඩක් ස්තුතියි!

මගේ විශ්ව විද්‍යාල ජීවිතේ සුන්දර වුණේ ස්ටෙෆාන් අයියේ, ප්රෞඩ, ගගන, විජිත, සුමේධ, ටුල්ලා, රුවන්, මලිත්, ජිත් අයියේ ඔයාලා නිසයි ඇත්තටම මම ගොඩක් ආදරෙයි!

ඒ වගේම Nuwan Tharanga Wickramagee අයියේ Anjana Ashubodhaa, කබා, මයිමා, ප‍්‍රමිල, තුසිත අයියේ, ජීනා අක්කෙ, ළහිරු මල්ලි, නිම්න, බිම්සර Sumudu Sewwandii නංගි ඔයාලාවත් ආදරෙන් මතක් කරනවා!

ඒ අවුරුදු 4 දි හෙවනැල්ල වගේ මගේ ළඟින්ම ඉඳලා හැම තත්පරයකදිම මට ශක්තියක් වුණ අම්මා තාත්තා ළඟ නැති මේ නොදන්න නගරේ මාව පුදුම ආදරෙන් ආරක්ෂා කරපු අදටත් මට ශක්තියක් වෙන ජයම්පති අයියේ.. ගොඩක් ආදරෙයි!

කිසිම ලෝබ කමක් නැතුව ඉල්ලන ඉල්ලන වෙලාවට miss වුණ notes ටික උස්සන් ආපු කේෂි, නයා, සමහර lecturers ල ඇවිත් ඔලුව අවුල් කරල ගියාම ඒ විෂය කරුණු පැහැදිළිව කියලා දුන්න රංග අයියා, වගේම දේවින්ද, නෙලුම්, කුමූ, චානි, චෙලා, අපේ IT මිස් නිශාදි, ශාලින්ද, මාධව, ගොලා, kb, සෝරා, නිපුනි, එස්.අයි අයියා ඇතුළු මගේ 53 සහෝදර සහෝදරියන් කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.

🐼🐼 සු…. ආදලෙයියියියි! 🐼🐼🐼

කාලයක් තිස්සෙ වචනෙකින් හරි දිරි දෙමින් මගේ ගමනට ශක්තියක් වුණ හැමදෙනාවම මතක් කරන්න අවස්ථාවක් ලැබෙනකම් බලන් හිටියා අද තමයි හොඳම දවස…. හැමෝටම ගොඩක්… ගොඩක්… ආදරෙයි! මං කවදාවත් ඔයාලව අමතක කරන්නෙ නෑ.
ඉවර නෑ……. අද තමයි ගමන පටන් ගත්තේ…. වචනෙකින් හරි මට ශක්තියක් වුණු හැමෝටම ගොඩක් ස්තුතියි! ❤ ❤ ❤

Kasuni Kavindi Fernando

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close