අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක ගල්ගමුවේ දළ පූට්ටුවාගේමයි – වැඩබලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක ගල්ගමුවේ දළ පූට්ටුවාගේමයි – වැඩබලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රාම නිලධාරියකු සහ වැඩ තහනමට ලක්වූ ‍පොලිස් සහායකයකු ළඟ තිබි ඉකුත්දා අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක

දැන් කට්ටිය බලාගෙන ඉන්නේ කවද්ද අපි වෙන්වෙන්නේ කියල – අංජුලා
එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් යන්න බෑ කියද්දී – තිසර නවකයන් සමග ගමනට ලෑස්‌ති වෙයි

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රාම නිලධාරියකු සහ වැඩ තහනමට ලක්වූ ‍පොලිස් සහායකයකු ළඟ තිබි ඉකුත්දා අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක ගල්ගමුවේ දළ පූට්ටුවාගේබවට නිශ්චිතවම හඳුනාගෙන ඇතැයි වැඩ බලන වනජීවි අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා පැවසීය.

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉකුත් 23 දා දහවල් සිදුකරන ලද පරීක්ෂාවකදී ‍පොල්පිතිගම, විහාර භූමියක නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඇත් දළ ජෝඩුවක් සහ ගජමුතු හයක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ඇත් දළ ජෝඩුව සහ ගජමුතු ළඟ තබා ගැනීම සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්වූ ‍පොලිස් සහායකයකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙහිදී ග්‍රාම නිලධාරියා පා‍පොච්ඡාරණය කර ඇත්තේ තමා මෙම ඇත් දළ ජෝඩුව සහ ගජමුතු මිතුරකුගෙන් රුපියල් ලක්ෂ හතරකට මිලදී ගත් බවය. එම මිතුරාගේ නම නොදන්නා බවද ඔහු ‍පොලිසිය හමුවේ පා‍පොච්ඡාරණය කර ඇත.
මේ සම්බන්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ‍පොල්පිතිගම ‍පොලිසිය කළ පරීක්ෂණවලදී මෙම ඇත්දළ ජෝඩුව දළ පූට්ටුවාගේවිය හැකි බවට අනුමාන කෙරිණි. දළ පූට්ටුවා මරාදමා ඇත් දළ ලබා ගන්නට ඇතැයි යන සැකය මත ‍පොලිසිය සහ වනජීවි අංශ දළ පූට්ටුවා සොයා මෙහෙයුමක්ද ආරම්භ කළේය.

දළ පූට්ටුවා මරාදමා, සිරුරේ කොටස් ‍පොල්පිතිගම, හේරත්ගම කුඹුරු ප්‍රදේශයක සඟවා ඇති බවත්, පසුගිය දිනවල ප්‍රදේශයේ වැවක් හෑරීමට ගෙනා කැටපිලර් යන්ත්‍රයක්ද මෙම කුඹුරු ප්‍රදේශයේ සති කීපයක් තිබූ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත ‍පොලිසිය සහ වනජීවි අංශ පුළුල් මෙහෙයුමක් පෙරේදා (27) සහ ඊයේ (28) දිනවලදී සිදු කළහ. එම කුඹුර සැකකාර ග්‍රාම නිලධාරියාගේ පියාට අයත් එකක් බව පැවසේ.

අදාළ කැටපිලර් යන්ත්‍රය සැකකාර ග්‍රාම නිලධාරියාට සපයා ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දරන ඔහුගේ ඥාතියකු බවටද ප්‍රදේශවාසීහු කියා සිටියහ.

මේ තොරතුරු අනුව කැටපිලර් යන්ත්‍රය රැගෙන ආවා යැයි පැවසෙන කුඹුරු ප්‍රදේශය බැකෝ යන්ත්‍රයක් යොදා දැඩිලෙස පරීක්ෂා කිරීමට ‍පොල්පිතිගම ‍පොලිසිය සහ වනජීවි නිලධාරීන් කටයුතු කළද, දළ පූට්ටුවාගේ සිරුරේ කොටස් හෝ සැක සහිත යමක් එහි නොතිබූ බව ‍පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී හේන් ගොවිතැන් සිදු නොකෙරෙන නමුත්, හේන් ගොවිතැන් කටයුතු සිදුකෙරී ඇත. එය සැකයට තුඩුදෙන කරුණක් බවද වනජීවි නිලධාරීන් කියා සිටිති. මෙම හේන් ප්‍රදේශයද වනජීවි නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත.

කෙසේ නමුත්, දළ පූට්ටුවා සෙවීම සඳහා වනජීවි නිලධාරීන් සමග ‍පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි ‍පොල්පිතිගම ‍පොලිසිය සඳහන් කරයි.

සැකකාර ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්වූ ‍පොලිස් සහායකයා මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙමස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම දළ පූට්ටුවාගේ වයස අවුරුදු 44 ක් පමණ වේ. මීට කලකට ඉහත දී දඩයක්කාරයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මෙම ඇතාගේ දෑස් අන්ධ විය. මෑතක දී දළ පූට්ටුවා වඩාත් කතාබහට ලක් වූයේ කැකිරාව ප්‍රදේශයේ දී වාහන කීපයකට පහර දීමේ සිද්ධියත් සමගය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close