අගමැතිකම ඉල්ලපු කතාව මඩගහන්න කරපු වැඩක්

අගමැතිකම ඉල්ලපු කතාව මඩගහන්න කරපු වැඩක්

අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාර යැයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී

ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නෑ බලන්න දේකුත් නෑ – ජයලත් මනෝරත්න
ගුරුවරයකුට වුවද මුහුණදීම අසීරු ගණිතය ප්‍රශ්න පත‍්‍රයක්, සිසුන්ට සාධාරණයක් කරන්න
ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨා දිවයිනට

අගමැතිකමවත් විපක්ෂ නායකකමවත් මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මේවා මඩ ගහන්න කරන බොරු ප්‍රචාර යැයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26දා) අහුන්ගල්ලේදී පැවැසීය.

අමරපුර චූලඝන්ඨි මහා නිකායේ ජේ‍යෂ්ඨ අනුනායක අහුන්ගල්ල මරදාන පුලිනතලාරාමාධිපති වැලිතර අමරනන්ද හිමියන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පැවැති පිංකමක් අවසානයේදී මාධ්‍යවේදීන් අමතා ඒ මහතා කීය.

තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය තෝරාගත් කොටසක පමණක් පැවැත්වීම අප අනුමත කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම එකවර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙනවාද නැද්ද තීරණය කරන්නේ මම නෙවෙයි අපේ මන්ත්‍රි කණ්ඩායමයි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට තුන්දෙනකු පත්කර තිබෙනවා. ඒ අයගේ තීන්දුව අනුවයි ඉදිරි තීරණ ගන්නේ.

අපි එකතු වෙන්න නම් අගමැතිකම හෝ විපක්ෂ නායකකම ඉල්ලුවා කිව්වත් අපි එහෙම ඉල්ලුවේ නැහැ. මේවා මට මඩ ගහන්න හදන බොරු ප්‍රචාරයයි. මේවාට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close